102📖️

10.6K 1.3K 863
                                    

"උඹ දන්නවානෙ මම නිස්කාරනේ මිනිස්සු මරන්නෙ නෑ කියලා.. ඇයි දැන් රංජිට මොකද වෙලා තියෙන්නේ.. මිනිහානෙ මෙච්චර කාලයක් උඹලාගෙ සීයාගෙ හැම පර වැඩක්ම කරේ.."

"එහෙනම් අගමැතිතුමා ලෙඩ ඇඳට  වැටිච්ච ගමන් අරූ පැත්ත මාරු කරා.. උඹ අප්පච්චි එක්ක කතා කරාද.. මාමා මොකද කියන්නේ.."

"හ්ම්.. දැන් උඹට ඕකාව ඉවරයක් කරන්නම ඕනද.. යකෝ උඹලාත් මාර මිනිස්සුනෙ බං.. අරූගෙන් ගන්න තියෙන සේරම වැඩ අරන් උගේ චැප්ටර් එක ක්ලෝස් කරන්නද හදන්නේ.. අනික ඌ මන්ත්‍රීයෙක් බං.. මීඩියාකාරයො කේස් එක පට්ට ගහයි.."

"හරි හරි ප# මම දන්නවා උඹ එහෙම නෑ කියලා.. ඒ උනාට මම අකමැතිම උඹේ සීයාගෙ පරිප්පු උඹට කන්න වෙන එකට.."

"හ්ම් හ්ම්ම් මම මොකක්හරි කරන්නම්.. නාහෙන් අඬන්නෙ නැතුව ඉදපන් ගෑනියෙක් වගේ.. වැරදිලාවත් තෝ ඉපදෙන ආත්මෙක මගේ සහෝදරයෙක් නම් වෙන්න එපා.. හැම රෙද්දටම අයියේ ගා⁣ගත්ත ගමන්නෙ.. උඹට මං නැතුවම බැරිද.."

"අනේ පලයන් බල්ලො.. තොගෙ බොරු ආදරේ මම නොදන්නවද.."

"ආදරෙයි ප##.. ඇච්ච කාලෙ තෝ අත් දෙක දික් කරපු ගමන් වඩාගත්ත නිසානෙ මේ සේරම.."

"මම උඹට කිව්වා කියලා හිතාගනින්.."

"බලමුකො උගේ එකෙක්වම සල්ලි වලට ගන්න බලමු.. බැරි උනොත් සුපුරුදු විදිහට පවුලෙ කාවහරි උස්සලා තර්ජනේ කරලා වැඩේ ක්ලෝස් කරලා දානවා.."

"ඔව් මේ එහා පැත්තෙ ඉන්නෙ පුපුර පුපුර.."

"කන්නවත් හදලා දෙන්නෙ නෑ බං.. තංගරාජාත් දැන් වයස නිසා මම බැලුවේ වැඩට අර ලෙච්චමීගෙ කෙල්ලවත් ගෙන්න ගන්න.. ලස්සන පොඩි කෙල්ල.."

"අපෝ නෑ බං.. ඔය වෙන අය වගේ නෙමෙයි.. ඒ කෙල්ල දැක්කාම පේනවා අහිංසකයි කි..... ආව්.. හුත්තො මගෙ කොන්ද.."

"නෑ නෑ.. අවුලක් නෑ බං.. කකුල ලිස්සුවා.. මම.. මම උඹට පස්සෙ ගන්නම්.."

මගේ එහා පැත්තෙ සෝෆා එකේ වාඩි වෙලා තේව් එක්ක කෝල් එකක ඉදපු සතී ලෙච්චමීගෙ කෙල්ලගෙ ගුණ වයන්න ගත්තාම මම එයාට පයින් පාරක් ගැහුවේ එයා සෝපා එකෙන් බිමට වැටෙන විදිහට..

කාළි [Completed]✅حيث تعيش القصص. اكتشف الآن