79📖️

8.1K 1.2K 542
                                    

මේ ටයිම් එකට ට්‍රැෆික් වැඩි නිසා ඉස්සර වගේ හිතුන ගමන් කැමති තැනක වාහන නතර කරන්න බැරි වෙද්දී කේ.සී.සී. කාර් පාර්ක් එකේ කාර් එක නතර කරපු මං කලිසම් සාක්කු දෙකටත් අත් දාගෙන පයින්ම ඉස්සරහට ඇවිදගෙන ආවා..

කාලෙත් එක්ක මම තව අවුරුද්දකින් වයසට ගිහින් තියෙද්දී මං වගේම මේ නුවරත් එදාට වැඩිය අද හුඟාක් වෙනස් වෙලා තිබුණා.. මට අද වගේ මතකයි හැමදාම උදේට පොත් බෑග් එකත් කරේ එල්ලන් කවියායි දස්සායි එක්ක මම ස්කෝලෙට දුවපු හැටි.. එදා තිබුණ පාරවල් බිල්ඩින් අද සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙද්දී සමහර තැන් වලදි මේ පරිසරය මට හරි ආගන්තුක හැඟීමක් අරගෙන ආවා..

අවුරුදු විසි එකකට කලින් වගේම අවුරුද්දකට කලින් විදිහට එකම කෙනාත් එක්ක දෙවිදිහක මතකයන් ගොඩක් මගේ ළග අද තනි වෙද්දී මට හිතුනෙම ආදරේ නුවරට කෙසේ වෙතත් මේ නුවර ඉපදුන මට නම් සාපයක් වෙලා කියලා..

රොබරෝසියන් ගස් අස්සෙන් මල් වැටුන පාර දිගේ ඇවිදන් ආපු මම දළදාවෙ තේවා හඬත් එක්ක වැව රවුමෙ නතර වෙද්දී අහම්බෙන් දැකපු හුරු පුරුදු මූණක් ළගට ඇවිදන් ගියේ මගේ අප්පච්චිට වැඩිය ටිකක් විතර වැඩිමල් පෙනුමක් තිබුණ ඒ මනුස්සයා කහට බැදුන දත් පෙන්නලා මාත් එක්ක හිනා වෙද්දී..

"මහත්තයා තනියම වගේ.. අද අර පුංචි මහත්තයා නැද්ද.."

එයා ආසම පොරි පැකට් එකක් මං ඉල්ලද්දී ඒ අංකල් මගෙන් අහපු ප්‍රශ්නේ ඉස්සරහා මම ගොලු වුණා..

මම මොනවා කියන්න ද..

එයා මාව දාලා ගියා කියන්න ද..

එහෙමත් නැත්නම් එයාව මං ආයෙත් වතාවක් නැති කරගත්තා කියන්නද..

"එයා ආපහු එන එකක් නෑ.."

අල්ලගත්ත අත් මගින් ගි⁣ලිහෙන ආදර කතා මේ වැව රවුමට අරුමයක් නොවෙද්දී මං දීපු උත්තරෙත් එක්ක ඒ අංකල් එතනින් එහා මගෙන් මුකුත්ම අහන්න ගියේ නැහැ..

"අනේ මාරු නෑනෙ මහත්තයො.."

"කමක් නෑ ඕක තියාගන්න.."

"ඒත් මෙච්චර ගානක් ම.... මහත්තයා.. මහත්තයා.."

පන්දාහෙ නෝට්ටුවක් ඒ මනුස්සයාගෙ අතට දීපු මම ඉතුරු එපා කියලා පොරි පැකට් එකත් අරන් එතනින් හැරිලා එන්න ආවේ කිසිම සතුටක් සැනසීමක් නැති මගෙ ජීවිතේ උතුරන්න තියෙන සල්ලි ගැනත් මට ආසවක් නොතිබුණු නිසා..

කාළි [Completed]✅Where stories live. Discover now