75📖️

8.9K 1.2K 366
                                    

වසර විස්සකට පෙර.....

හචිස්..

"හරිද.. හදාගත්තා ද හෙම්බිරිසාව.. කිව්වා මම පිනි බාන්න එලියෙ ඉන්නකොට.."

හේෂ් එකදිගට කිවිසුම් යවද්දී මම එයාගෙ අතින් ඇදලා අරන් පුටුවෙන් නැගිට්ටුවා..

"මට අවුලක් නෑ ස... හචිස්.."

"අවුලක් නෑ කියලා මටත් පේනවා.. බකපණ්ඩිත නැතුව කියන දේ අහලා මෙහේ එනවා.."

එයා අනිත් අයව තනි කරලා යන්න අදිමදි කරාත් මං බලෙන්ම එයාව එක්කගෙන අකිලයාගෙ කාමරේට ආවේ ඒ වෙද්දීත් අකිලයි කවීනුයි කාමරේ ඇතුළෙ කතා කරන ගමන් ඉඳිද්දී..

"මොකෝ සීන් එක.."

"මෙන්න මෙයා හෙම්බිරිසාව හදාගෙන බං.. කීවතාවක් නම් මම කිව්වාද ගිහින් නිදාගන්න කියලා.. ඇහුවේ නෑනෙ.."

කවියා අහද්දී මම ඌට උත්තර දුන්නෙ හේෂ් දිහා රවලා බලන ගමන්..

"හෙම්බිරිසාව විතරනෙ.. ඕකට ඔච්චර බනින්නෙ ඇයි.."

"දැන් හෙම්බිරිසාව විතරයි.. තව ටිකකින් කියයි ඔලුව රිදෙනවා කියලා.. ඊට පස්සේ අ......"

"හරි හරි අයියෝ.. මම එලියට යන්නෙ නෑ.. පාන්දර වෙනකම්ම මේ කාමරේ ඇතුළට වෙලා ඉන්නම්.. එතකොට හරිනෙ.."

"මොකද රවන්නෙ ආ.. දෙන්න හිතෙනවා කන පැලෙන්න පාරක්.. එපා කියන දේ කරලා ගස්සන්න පුප්පන්න විතරක් තියාගන්න එපා.."

"කොයි වෙලෙත් බනින්න තමයි දන්නෙ.. ගොටුකොළ පෙන්දා.."

"මොනවාද තමුසෙ කුටු කුටු ගාන්නෙ.."

"මුකුත් නෑ.."

හේෂ් මූණත් ඇද කරගෙන ගිහින් ඇඳ උඩින් වාඩි වෙද්දී මම එයා දිහා බලාගෙන ඉඳියා..

"තොපි දෙන්නාගෙ වැඩේ කොයි වෙලාවෙ බැලුවාත් මරාගන්න එකමයි.. අනිකා උඹ.. උඹ දන්නෙ නැද්ද පැය ගානක් පිනිබාන්න එලියෙ ඉඳියාම උඹ අසනීප වෙනවා කියලා.."

කාළි [Completed]✅Where stories live. Discover now