වසර විස්සකට පෙර...
ලොකු අම්මාගෙ හැසිරීම මාව වගේම හේෂ්වත් පුදුම කරද්දී මං හේෂ්ව මගේ කාමරේට එක්කගෙන ආවා..
"සතී එයාට ඒ මොනවා වෙලාද.. කවදාවත් නැතුව අද මොකද දන්නෙ නෑ මට ආදරෙන් කතා කරේ.."
"කවුද දන්නෙ.."
හේෂ් මගෙන් අහද්දී මම උරහිස් ඇකිලුවෙ ඇත්තටම ලොකු අම්මාගෙ වෙනස මටත් හිතාගන්න බැරි උන හන්දා..
"ඔයා දැනගන්න ඕනනෙ.. ඒ ඔයාගෙ ලොකු අම්මානෙ.."
එයා දිහා ඇස් හීනි කරලා බලාගෙන ඉදපු මම එයාගෙ අතින් ඇදලා ළඟට ගත්තෙ මගේ පපුවෙ වදින විදිහට..
"සතීෂ.."
"ම්.."
"මොකද කරන්නෙ.. දැන් ලොකු අම්මා ආවොත් එහෙම මට තමයි බැනුම් අහන්න වෙන්නෙ.. "
මං මගේ නළල එයාගෙ නළලට තියාගෙන ඒ මූණට එබුනෙ මුකුත් කියන්නේ නැතුවම එයා දිහා බලාගෙන ඉන්න ගමන් වෙද්දී එයා ඇහිබැමක් උඩට ඉස්සුවා..
"පුංචි හාමු මොකාටද මේ එන්න හදන්නේ.."
"ඇයි මට මගේ කොල්ලා දිහා බලන් ඉන්න තහනම් ද.."
"තහනමක් නම් නෑ.. ඒත් මට ඔය බැල්ම එච්චර අල්ලන්නෙ නෑ.."
"අනේ පලයන් බන් යන්න.. චුට්ටක් රොමෑන්ටික් වෙන්න හැදුවා විතරයි.. උඹට එපා නම් ඉදපන්.. මං යනවා වොෂ් එකක් දාගන්න.."
හේෂ්ව එහාට තල්ලු කරලා දාපු මම ඇඳගෙන ඉඳිය ටී ෂර්ට් එක ගලවලා දැම්මෙ එයාට පිටුපාලා හිටගන්න ගමන් වෙද්දී එයා එකසැරේටම පිටිපස්සෙන් මට තුරුලු උනේ මගේ බෙල්ල පාමුලට තොල් තද කරන ගමන්..
"කේන්තිගන්න එපා නපුරු හාමුවා ඉක්මනට නාකි වෙයි.."
"ඇයි නාකි මිනිහෙක්ට ආදරේ කරන්න බැරිද.."
මගේ බඩ උඩ තිබුණ එයාගෙ අත් මෑත් කරපු මම ආයෙත් එයා දිහාට හැරුණා..
"ආදරේ කරන්න නම් බැරිකමක් නම් නෑ.. ඒත් අනිත් දේවල් කරන්න පුලුවන් වෙයිද කවුද දන්නෙ.."
YOU ARE READING
කාළි [Completed]✅
Fanfictionඋඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)