"මොනවාද බොන්නෙ.."
"කූල් දෙයක් ඕන.."
"කූල් බීලා අසනීප වෙන්නද හදන්නේ.."
"අපිලා අසනීප වෙන්නෙ නෑ.. සීතල පුරුදුයිනෙ.. කුණු ලෝභයෙක් නොවී ගෙනත් දීපියකො සින්නදොරේ.."
"හිතුවාද මම උඹේ සර්වන්ට් කියලා.."
"ආයෙ අමුතුවෙන් හිතන්න දෙයක් නෑ.. මං ඔයාව මගේ සර්වන්ට් කරගෙන තමයි නතර වෙන්නෙ.."
එයාට ඇහෙන්නෙ නැති වෙන්න මම මිමිනුවාත් ඒ ගෝටයිම්බරයාට ඒකත් ඇහිලා තිබුණා..
"මොනවාද උඹ හිමිච්චා වගේ ඉඳගෙන කුටු කුටු ගාන්නෙ.."
"මුකුත් නෑ.. මේ අපිලා නම් ඕන් මුකුත් කිව්වෙම නෑ තමා.."
මේකා අපිලාගෙ අප්පාට වැඩිය ඕනම නම් අවුරුදු දෙක තුනක් බාල ඇති.. ඒත් අපිලාගෙ අප්පා වගේ නෙමෙයි අයියෝ සින්නදොරේ තාම ඉන්නෙ දහ අටේ කොල්ලා වගේ.. මස් පිම්බිලා ඒ අත් වල.. යකඩ වගේ.. ඇඟිල්ලෙන් ඇන්නාත් එබෙන්නෙ නෑ.. ම්හුක්.. ඇයි අපිලාගෙ අත් එහෙම නැත්තෙ.. මගේ කෝටු අත් දිහා බලපු මම කට උල් කරගත්තා..
හයියෝ කඩවලේ මේකා කසාදයක් කරගත්තොත් ඇඟට යට වෙන එකාට පුලෛයාර්ගෙම පිහිටයි.. ඒ උනාට එහෙම හිතද්දිත් හිතට මහ එපා කරපු හැඟීමක් දැනෙනවානෙ.. එක්කො ඕන නෑ.. මෙච්චර කාලයක් තනියමනෙ ඉඳියේ.. දැන් මොකටද සින්නදොරේට නෝනාමාත්තියා කෙනෙක් ගේන්න දෙන්නෙ.. ඔය සුකුරුත්තන් ගෑනිලා ආවොත් ජානුල්ට සින්නදොරේව නැති වෙයි.. ඒ නිසා ඕන නෑ.. බංගලාවත් අපිලාගෙ.. සින්නදොරෙත් අපිලාගෙ.. එතකොට මේ වාහනෙත් අපිලාගෙ.. සින්නදොරේගෙ ඔක්කොම අපිලාගෙ.. දෙන්නෙ නෑ එක නරපණුච්චියෙක්ට.. ම්හුක්..
අපිලාගෙනේ.. අපිලාගෙ විතරනෙ..
"ඌයියා.. අපිලාට රිදෙනවා වදේ.."
සින්නදොරේ මගේ කට දෙපැත්තෙන් තද කරලා ඇල්ලුවාම මං එයාගෙ අතේ එල්ලුනෙ මූණ ඇද උන රොටියක් වගේ කරන්..
"කට කතුරක් වගේ.. කියවනවා ඉවරයක් නෑ.."
"කතුරක් නම් කැපෙන්න ඕන නේ.."
"උඹත් එක්ක කතා කරලා නම් මට දිනන්න බෑ.."
"එහෙනම් කතා නොකර ඉන්නකො.. ඇයි කතා කරන්න මහන්සි වෙන්නෙ.. සින්නදොරේ දැන් නාකි පප්පෙක් නිසා තමයි කට රිදෙනවා ඇත්තෙ.."
YOU ARE READING
කාළි [Completed]✅
Fanfictionඋඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)