95📖️

9.7K 1.3K 906
                                    

බෙහෙත් ගඳ...

ඇස් පියන් ඇරුන පළවෙනි තත්පරේම මට දැනුනෙ බෙහෙත් ගඳ වෙද්දී මම එහෙම්මම මගේ අත තද කරලා අල්ලගෙන ඇඳ උඩ ඔලුව තියන් නිදන් ඉන්න එයා දිහා බැලුවා..

වෙනදාට පිරිලා තියෙන එයාගෙ මූණ අද හරිම තෙහෙට්ටු පාටයි.. ඇස් කොන් අග වේලුන කඳුලු පාරවල් තාමත් ඉතුරු වෙලා තියෙනවා..

එයා අඬලා.. ටිකක් නෙමෙයි නොසෑහෙන්න අඬලා..

ඉඳගන්න ඕනා උනාත් බඩින් වගේම උරෙන් දැනෙන වේදනාව නිසා මම හාන්සි වීගෙනම ඇහිපිය නොගහා එයා දිහා බලාගෙන ඉඳියා..

මට සමාවෙයන් ජානුල්.. මං උඹ ගැන වරදවා තේරුම්ගත්තෙ..

"මගෙ මැණික.."

උගුර කට වේලිලා නිසාම කතා කරගන්න අපහසු වෙද්දී මං හෙමී⁣ට එහෙම මිමිනුවා..

"ම්හුක්.."

එයා කෙඳිරි ගෑවා.. ඒ ගමන් නින්දෙන්ම බෙල්ලත් අතගෑවා.. පව් මගෙ පොඩි එකා.. එකදිගට මෙහෙම නිදන් ඉඳලා එයාට අමාරු ඇති..

එයාගෙ බෙල්ල අතගාන්න හිතාගෙන මම එයා අල්ලගෙන ඉදපු මගේ අත නිදහස් කරගන්න හැදුවාත් අඩ නින්දෙ ඉදපු ජානුල් ගැස්සිලා වගේ එකසැරේටම ඇස් ඇරියා..

දෙතුන් වතාවක් ඇහිපිය ගහපු එයා මම ඇහැරිලා ඉන්නවා දැකලා පුදුම උනා වගේම ඊලග තත්පරේ ඒ ඇස් කේන්තියෙන් රතු වුණා..

එයා තරහින්.. සමහරවිට මම පරිස්සම් නොවුන නිසා වෙන්න ඇති..

චටාස්

මම ඉන්නෙ ලෙඩ ඇඳේ කියලාවත් නොබලපු එයා මගේ කම්මුලට පාරක් ගහලා හොස්පිට්ල් රූම් එක ඇතුළට ආපු තේව්ගෙත් ඇඟේ හැප්පීගෙන යන්න ගියේ ඌ ඇවිත් ඇඳ ළඟ තිබුණ පුටුවෙන් වාඩි වෙද්දී..

"අරූ කන අතගාගෙනම ගියානේ.."

"වතුර.."

තේව්ට රවපු මම වතුර ඉල්ලද්දී ඌ මට වතුර උගුරු කීපයක් පෙව්වෙ ආයෙත් පුටුවෙන් වාඩි වෙන ගමන්..

"දැන් කොහොමද උඹට.."

"මැරිලා නෑ.."

"එක අතකට බැලුවාම අරූ උඹට ගහන එක සාධාරණයි බං අයියෙ.. ඌ හින්දාම හොඳයි.. මගේ එකා වගේ නම් අණ්ඩක් කඩලා නතර වෙන්නෙ උඹේ ඔය කතා වලට.."

කාළි [Completed]✅Hikayelerin yaşadığı yer. Şimdi keşfedin