29📖️

9.5K 1.4K 501
                                    

"සින්නදොරේ.."

මුත්තුසාමිගෙ අතේ ඉදපු පොඩි කෙල්ලව දැකපු මං පුදුමෙන් එයා දිහා බලන් ඉඳිද්දී ජානු මට කතා කරා..

"සින්නදොරේ ඇයි මෙහෙ ආවේ.."

ජානු ඇහුවෙ මම තල්ලු කරපු පාර බිම වැටිලා එහෙම්ම එතනම නිදාගෙන ඉන්න මිනිහා දිහා බලන ගමන් වෙද්දී එයාට උත්තරයක් නොදීම මං මගේ ඇස් ඒ ගේ පුරා අරන් ගියා..

කාමරයක් සාලයක් පොඩි කුස්සියක් එක්ක පිටි පස්සෙ දොරෙන් එලියට ගිය ගමන් ටොයිලට් එකක් තිබුන ඒ පොඩි ගේ කොටස් තුනකට වෙන් කරලා තිබුණේ කාඩ් බෝඩ් ගහලා වෙද්දී සාලෙ තිබුණේ වාඩි වෙන්න ප්ලාස්ටික් පුටු දෙක තුනකුයි පොඩි මේසෙකුයි විතරයි.. ඒ මේසෙ උඩ පොත් වගයක් වගේම කුප්පි ලාම්පු දෙකක් තියෙනවා දැකපු මට ආයෙත් මතක් වුණා මේ මිනිස්සුන්ට තාම කරන්ට් එක නෑ නේද කියලා.. ඇහුවොත් රට හදන්න ජනතා සේවය කරන්න කතාව.. අම්මපා මේ වෙලාවට තමයි මට අරූගෙ බෙල්ල ගලවලා අතට දෙන්න හිතෙන්නෙ.. මහලොකු දේශපාලුවෝ කොළඹ බංගලා වල සැප විඳිද්දී මේ අහිංසක මිනිස්සු මෙහෙට වෙලා අන්ත දුක් විඳිනවා..

අවසරයක් නැතුවම ගේ පුරා ඇවිදපු මම ගෙදරට තිබුණ එකම කාමරේට එබිලා බැලුවා.. ඒකෙ පොඩි ඇඳක් එක්ක කෙලවරේ ඇඳුම් දාපු කාඩ්බෝඩ් පෙට්ටියක් තිබුණා.. කුස්සියෙ කෙලවර බිම බැඳලා තිබුණ ලිප ළඟම හට්ටි වලං කීපයක් තියෙද්දී වාඩිවෙන්න කියලා තිබුණේ පොඩි බංකුවක් විතරයි..

මට හිතුනෙ එක දෙයයි.. ඒ..

මිනිස්සුන්ට මෙහෙම ජීවත් වෙන්න පුලුවන් ද...

"මුත්තුසාමි එළියට එනවා.. මට තමුන් එක්ක කතා කරන්න ඕන.."

මුත්තුසාමිට එහෙම කියාගෙන මං ගෙදරින් එලියට ගියේ ජානුල් දිහා බලන්නෙවත් නැතුව වෙද්දී මම දැක්කා එයා මගේ දිහා බලන් ඉඳලා දුකෙන් බිම බලාගන්නවා..

"සින්නදොරේ අපිලාට කතා කොරේ.."

"ඒ උඹේ දුවද.."

"මාතියා..?"

"මම ඇහුවෙ පාරෝ උඹෙම දුවද කියලා.."

මගේ ප්‍රශ්නෙන් මුත්තුසාමි ගැස්සිලා යද්දී මං කට කොනකින් හිනා වුණාත් ආයෙත් ඉක්මනට ඒ හිනාව හංගගත්තා..

කාළි [Completed]✅Donde viven las historias. Descúbrelo ahora