94📖️

8.8K 1.3K 572
                                    

වසර විසි එකකට පෙර...

"උඹලාට ආරංචිද.. අන්න අරකි ඇක්සිඩන්ට් වෙලාලු.."

මම ඉඳියෙ හවස ක්ලාස් ඇවිත් නෝට් එකක් ලියන ගමන් වෙද්දී මගේ එහා පැත්තෙ වාඩි වෙලා ඉදපු ප්‍රභාතයා කවියායි දස්සායි එක්ක කතා කරන ගමන් ඉඳියා.. ඕකා තමයි අපේ ස්කෝලෙටම ඉන්න චීත්තෙ..

"කවුද බං.."

"හංසි.. සතියාගෙ පස්සෙන් ආවේ.."

"අම්මටසිරි වෙන්න.. අඩෝ උඹේ බොරු නෙමෙයිනෙ.."

"උඹලාට බොරු කියලා මම ඇටයක් ගන්නද.."

"එකක් නෙමෙයි ඕන නම් මම උඹට දෙකම දෙන්නම්.."

"ඕක උඹ අහිංසා අක්කාට ඇහෙන්න කියලා බලපන්කො.. තෝව ඉහේ ඉදන් පට්ට ගහයි.."

හංසි ඇක්සිඩන්ට් වෙලා කිව්වාත් මට ඒ ගැන වගක් නොවෙද්දී කවියා මට පයින් ගැහුවා..

"ඒ මචං.. යන්නෙ නැද්ද උඹේ හොර එක බලලා එන්න.."

"ඇයි තොපි හිතුවාද මගේ කොහේහරි කහනවා කියලා.. ඒකි ඇක්සිඩන්ට් උනා නම් ඒකිගෙ ගෙදර උන් ඒ ගැන බලාගනියි.. අහක යන බාල්දි පෙරලගන්නෙ නැතුව පාඩුවේ ඉදපන්.. අනික තමයි ඕකි මගේ කවුරුත් නෙමෙයි.. ඒ නිසා බොරු කතා හදන්නේ නැතුව ඉදපන්.."

මම නොරිස්සුමෙන් කියද්දී කවියා කින්ඩියට වගේ හිනා වුණා..

"උඹ බයයිනෙ හේෂ් අයියා දැනගනියි කියලා.."

"මම ඌ⁣ට බය නෑ යකෝ.. ඒත් මං කැමති නෑ කොහෙවත් යන ගෑනු නිසා එයාගෙ හිත රිදවන්න.."

"අඩෝ අඩෝ ඒක බලපන්කො.. කියන්නෙ නම් මම ඌට ලව් නෑ.. අප්පච්චිගෙ බලකිරීමට බඳින්නෙ කියලා.. ඒ උනාට උගේ හි⁣ත රිදෙයි කියලාත් බයයි.. ඇත්තටම උඹ කාවද බං රවට්ටන්න හදන්නේ.. පිළිගනින් උඹ ඌට ආදරෙයි කියලා.."

"මම එහෙම නෑ කිව්වෙ නෑනෙ.."

"ඒ කියන්නේ උඹ හෙඩාට ලව්.."

කාළි [Completed]✅Where stories live. Discover now