64📖️

8.7K 1.3K 242
                                    

වසර විස්සකට පෙර.....

"මොකද ඔය කරන්නෙ.."

මං එයාගෙ පිටිපස්සෙන් පොතට එබෙද්දි එයා කලබලෙන් පොත වහලා දැම්මෙ හොර වැඩක් කරපු එකෙක් වගේ මගේ දිහා බයෙන් බලන ගමන්..

"සතී.. ඔයා මොකද මෙහේ.."

"ඇයි මට එන්න බැරිද.."

"එන්න බැරිකමක් නෑ.. ඒත් ඇයි ඔයා අද කියන්නෙවත් නැතුව ආවේ.."

"කියලා ආවා නම් මට තමුසෙගෙ හොර අල්ලන්න වෙන්නෙ නෑනේ.."

එහෙම කියපු මම එකසැරේටම එයාට හිතන්නවත් ඉඩක් නොතියාම මේසෙ උඩ තිබුණ එයාගෙ චිත්‍ර පොත අරගත්තෙ හේෂ් කලබලෙන් පුටුවෙන් නැගිටිද්දී..

මං නිතර හේෂ්ලාගෙ ගෙදර ගියේ නැති උනාත් කම්මැලි හිතුන දවසක එහෙමත් නැත්නම් එයාව බලන්නම ඕන කියලා හිතුන දවසක  එයාට නොකියාම එයාලාගෙ ගෙදර ගියපු වෙලාවල් නැතුවාත් නෙමෙයි..

"සතී... ඕක මෙහාට දෙන්න.."

එයා පොත මගෙන් ගන්න හදද්දී මම අත උඩට ඉස්සුවේ පස්සෙන් පස්සට යන ගමන්..

"මොකද ඔච්චරටම මේක මගෙන් හංගන්න හදන්නේ ආ.. තමුසෙ මේක ඇතුළෙ වෙන එකෙක්ගෙ චිත්‍රයක්වත් ඇඳලා තියෙද.."

මං නොරිස්සුමෙන් වගේ අහද්දී එයා මූණ ඇද කරගත්තා..

"විකාර නොකියා ඕක දෙන්නකො සතී.. අනුන්ගෙ දේවල් ඔහොම බලෙන් බලන්න හොඳ නෑ කියලා දන්නෙ නැද්ද.."

"කවුද දැන් අනුන්ගෙ.. මේ පොත තමුසෙගෙ.. එතකොට තමුසෙ කාගෙද.. මේ මගේ.. ඒ කියන්නේ මොන පැත්තෙන් බැලුවාත් මේකට තමුසෙට වගේම මටත් අයිතියක් තියෙනවා.."

කට කොනකින් හිනා වෙලා හේෂ්ට උත්තර දීපු මම අනිත් පැත්ත හැරිලා පොතේ පිටු පෙරලන්න ගත්තෙ එයා මගෙන් පොත උදුරගන්න හදද්දී වෙද්දී ඒකෙ ඇඳලා තිබුණ චිත්‍ර දැකලා මගේ ඇස් ලොකු වුණා..

කාළි [Completed]✅Where stories live. Discover now