99📖️

10.6K 1.3K 845
                                    

"ඔව් අප්පච්චි.."

සතී ඉඳියෙ එයාගෙ අප්පච්චි එක්ක කෝල් එකක වෙද්දී මම හදාගෙන ආපු තේ මග් එක අත් දෙකෙන්ම අල්ලගෙන සෝෆා එකේ වාඩි උනේ එයාගෙ ඇඟට හේත්තුවක් දාන ගමන්..

අද නම් එයා සරමක් ඇඳලා ෂර්ට් එකත් නැතුව ඉඳිද්දී මම ඇස් කොනෙන් එයාගෙ පපුව දිහා බැලුවා..

මෙයා තලෙලු උනාට පට්ට හැන්ඩ්සම්නෙ.. දැන් නම් හාමුවෙක් වගේමයි.. එක අතකින් ෆෝන් එක අල්ලගෙන එයා අනිත් අත⁣ කොණ්ඩෙ අතරින් උඩට අරන් ගියා..

කමක් නෑ මගේනෙ.. දෙන්නෙ නෑ එක පොල්කිච්චියෙක්ට..

මං නැති අවුරුදු විස්සට කෙල්ලො කොල්ලො කීයක් මෙයාගෙ පස්සෙන් ආවාද දන්නෙ නෑ.. ආයෙත් මගේ යටි හිත එහෙම අහද්දී මම නොරිස්සුමෙන් තේ කෝප්පෙ ඉස්සරහා තිබුණ සෝෆා ටේබල් එක උඩින් තිබ්බෙ එයාගෙ අතක් මගේ අත් දෙකෙන්ම බදාගන්න ගමන්..

"තාම ඒ ගැන  හිතුවෙ නෑ අප්පච්චි.. ඒත් මම කැමති නෑ ලොකුවට වෙඩින් එකක් ගන්න.."

මෙයා අ⁣ප්පච්චි එක්ක අපේ මැරේජ් එක ගැනද කතා කරන්නෙ.. එක අතකට මේ මිනිහාව ඉක්මනට බැඳගන්න ඕන.. එතකොට මගේ විතරනෙ.. කාටවත් බෑ එයාව මගෙන් උදුරගන්න..

මම එයාගෙ කම්මුලකින් ඇද්දා..

ආයෙත් අත මිරිකුවා..

ටිකකින් කන හැපුවා..

එයා අප්පච්චි එක්ක කෝල් එකේ ඉන්නකම්ම මම කරේ එයාට වද දුන්න එක වෙද්දී එයා මට වචනයක්වත් නොකියා කැමති දෙයක් කරගන්න ඉඩ දුන්නා..

අනේ මිනිහෝ.. මටත් ටිකක් අවධානෙ දීපියකො.. ඇයි යකෝ සෙද්ද..

කට ඇද කරගත්ත මම එයාට රවද්දී එයා මගේ දිහා බැලුවේ ඇහිබැමක් උඩට උස්සලා..

වරෙන්කො රෑට මගේ පපුව අස්සෙ මූණ ඔබාගෙන.. පයින් ගහලා ගරාජ් එකට දාන්නෙ.. ඒකටත් අප්පච්චිම හොයාගෙන යන එකනෙ ඇත්තෙ.. බූරු සතීෂයා.. ගස් ගෙම්බා.. මටෝන්නෑ..

හිතින් එයාට බනින ගමන් මම රවද්දී එයා මගේ මූණට පහත් උනේ තොල් උඩ හාදුවක් තියන්න කියලා තේරෙනකොටම මම මගේ අතින් කට වහගත්තාම එයා⁣ගෙ තොල් ඇවිත් මගේ පිට අල්ලෙ වැදුනා..

කාළි [Completed]✅Where stories live. Discover now