තේ වත්ත මැදින් තිබුණ අඩි පාර දිගේ පහළට දුවන් ආපු කොල්ලා මගේ කාර් එක ඉස්සරහට පනිද්දිම මං බ්‍රේක් පෑගුවාත් මගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.. නිකන් නෙමෙයි අවුරුදු විස්සක අතීතෙට මාව අරගෙන යන ගමන්..
මගේ ඇඟිලි වෙව්ලනවා.. මාව දාඩියෙන් නෑවිලා..
හේෂ්..
එයා.. එයා ලේ පෙරාගෙන එදා ඉදපු හැටි.. මගේ අත් වල එයාගෙ ලේ තැවරුණු හැටි මට ආයෙ ආයෙත් මතක් වෙද්දී මම අත් දෙකෙන්ම ඔලුව බදාගත්තා.. මට මේක ඇතුළේ තවත් ඉන්න බෑ.. මගේ හුස්ම හිරවෙන්න වගේ එනවා.. එහෙම්ම කාර් එකෙන් එලියට බැහැපු මං කාර් එකට හේත්තු වෙලා ඇස් පියාගත්තේ වේගෙන් හුස්මගන්න ගමන්..
"උඹලාට පයිත්තියන්ද ඩා.. මොකට මේම සින්නදොරේගෙ වාහනෙ ඉෂ්ෂරහට පනිනවා.."
"මේ මල් ටික විකුණන්නනෙ පැන්නෙ අප්පා.."
මුත්තුසාමිගෙයි අර කොල්ලාගෙයි කටහඬ මට ඇහුනාත් ඇස් ඇරලා ඒ දිහා බලන්න පුලුවන් මානසික මට්ටමක නෙමෙයි මම ඉඳියේ..
"ජානුල් උඹලාට කොහෙන්ද මල්.."
"පාට්ටිගෙ රෝස පාත්තියෙන්.."
"අයි අයියෝ.. ආඩවනේ.. පාට්ටි උඹලාව කෝටුමස් කරනවා තමා අද.."
"පාට්ටි දන්නවා.. මම පාට්ටිට කිව්වා මුරුක්කු කන්න මල් විකුණනවා කියලා.."
"උඹලාගෙ කටේ තීන්නෙම මුරුක්කු තමා.. ෂරී ෂරී මේ කාසි අරගෙන මුරුක්කු කනවා.. අප්පා සින්නදොරේ එක්කලා කතා කොරලා තමා එනවා.."
"මේ මල්..?"
"පාට්ටිට දීපල්ලා.."
"එහෙම නෙමේ.. කෝමත් මට පාට්ටිගෙන් කොසු පාර කන්න වෙනවානෙ අප්පා.. ඒ නිසා අප්පා මේ මල් සින්නදොරේට දෙන්න.. කාසි එපා කියන්න.. සින්නදොරේට දුක හිතිලා මේකලාට මුරුක්කු කන්න කාසි දෙන්න ඇහුවොත් එපා කියන්න එපා ෂරිද.. අපෙ සින්නදොරේට දුක හිතෙයිනෙ.."
ඒ දිහා හැරිලා නොබැලුවාත් එයාලා කතා කරන වචනයක් ගානෙ මගේ කන් වලට ඇහෙද්දී කියාගන්න නොතේරෙන අමුතු හැඟීමකින් මගේ හිත පිරිලා ගියා.. ඒ කටහඬ මට හුරුයි වගේ.. අනික ඒ කොල්ලා හුරතල් කෝලමක් කියලා මට හිතෙද්දී මටත් නොදැනීම මගේ මූණට අවුරුදු ගානකට පස්සේ හිනාවක් ආවා..
YOU ARE READING
කාළි [Completed]✅
Fanfictionඋඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)