වසර විස්සකට පෙර.....
ෆිල්ම් එකක් බලන්න කියලා සෙට් එකත් එක්ක ආවාට මොකද කලුවර නිසා කාටත් නොපෙනන හන්දා එහා පැත්තෙ වාඩි වෙලා ඉදපු හේෂ්ගෙ කකුල මං හෙමීට මිරිකද්දී එයා මගේ අත අහකට තල්ලු කරලා දැම්මෙ මගේ කට කොනේ හිනාවක් ඇඳෙද්දී..
"පාඩුවේ ඉන්න බැරිද.."
එයා පුලුවන් තරම් හඬ බාල කරලා මගේ කනට ලං වෙලා අහද්දී මං මගේ අතේ ඇඟිලි එයාගෙ ඇඟිලි එක්ක පටලවාගත්තා.. මගේ වගේ නෙමෙයි එයාට තිබුණේ එච්චරම ගොරෝසු නැති අත්.. එයාගෙ අත් වල මැද හරිය වගේම ඇඟිලි තුඩුත් හුඟාක් සිනිඳු වෙද්දී මම මගේ මාපටැගිල්ලෙන් එයාගෙ ඇඟිලි තුඩු වල ඇතුල් පැත්ත හෙමීට පිරිමැද්දා..
"ම්හු.. බෑනෙ සුදූ.."
"සතී.."
"ඇයි මැණික.."
මනමාල හිනාවක් මූණෙ තියාගෙනම මම එයාගෙන් අහද්දී එයා රිදෙන්න මගේ අත කෙනිත්තුවාත් මං හැදුවේ එයාගෙ කම්මුල හාදුවක් දෙන්න..
"විකාර නොකර ඉන්න.. අනිත් අය දකියි.."
"හ්ම්.. හ්ම් හාකෝ.. මදැයි මාත් උඩ දාගෙන ආවා එක්කෙනෙක් එක්ක ෆිල්ම් එකක් බලන්න.. දන්නවා නම් ගෙදරට වෙලා තව ටිකක් නිදාගන්නවා.."
එහෙම කියපු මම ඇස් දෙක පියාගත්තේ එයාගෙ අත අත් අරින්නෙ නැතුවම වෙද්දී එයා මගේ උරෙන් අල්ලලා හෙල්ලුවා..
"ෆිල්ම් එක තාම ඉවර නෑ සතී.."
"මට ඔය රොමෑන්ටික් මගුල් සෙට් නෑ බං.. පටන්ගත්ත වෙලාවෙ ඉදන් කොල්ලා පැණි හල හලා කෙල්ල පස්සෙ යනවා.. ඇක්ෂන් මූවි එකක් උනා තව කමක් නෑ.. අර පේන්නෙ නැද්ද.. ඒ සැරේ කෙල්ල හොටු පෙර පෙරා අඬනවා.. මේවා බලන්න එන අපිට අතින් ගානක් දෙන්න ඕන.. මං නිදි.. ඉවර උනාම නැගිට්ටවන්න.."
YOU ARE READING
කාළි [Completed]✅
Fanfictionඋඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)