46📖️

6.6K 1.2K 566
                                    

"කාළි.. උඹ හිතන්න එපා උඹ දිනුවා කියලා.. උඹට ළ...... ආහ්හ්..."

අත මිට මොලවලා උගේ මූණට ආයෙත් වතාවක් ගහපු මං අතේ තිබුණ පිස්ටල් එකෙන් උගේ කකුලට වෙඩි තිබ්බෙ කේන්තියෙන්..

"තෝ දන්නවා ද තෝ නිසා ම⁣ට දවස් කීයක් රස්තියාදු වෙන්න උනාද කියලා ගුණේ.. තෝ එදා පොලිසියෙන් බේරිලා පැන්නෙ නැත්නම් මට මෙච්චර කට්ටක් කන්න වෙන්නෙ නෑ.."

දවස් කීපයක් ඇතුළත හැමදෙයක්ම ඉවර කරලා ආපහු යන්න ඉඳියාත් ගුණේ හිරෙන් පැනපු නිසා මගේ ප්ලෑන් එකේ අන්තිම හරිය සම්පූර්ණයෙන්ම අවුල් උනේ සිද්ධ උන කලබල නිසා කොළඹට කර්ෆිව් වැටෙද්දී වෙද්දී සති ගාණක් මට මෙහේ හිරවෙන්න උනේ අඟලෙන් අඟල හැම චෙක්පොයින්ට් එකකම යන එන වාහන පොලිසියෙන් චෙක් කරපු නිසා..

"උඹ අද මාව මැරුවාත් දවසක උඹටත් වෙන්නෙ අද මට උන දේම කියලා මතක තියාගනින් කාළි.. තෝත් මං වගේම දේශපාලුවොන්ගෙ හැම පර වැඩක්ම කරලා උන්ට පාර හදලා දුන්න දාට බල්ලෙක් ගානට පාරක මැරිලා යයි.. උන් උඹවත් මරලා දා...  ආර්හ්..."

ඩෝං

"උඹ කියවනවා හොඳටම වැඩියි.."

⁣උගේ අනිත් කකුලටත් මම වෙඩි තියද්දී ඌ වේදනාවෙන් කෙඳිරි ගෑවේ ඒත් එක්කම  මගේ ෆෝන් එකට කෝල් එකක් එද්දී.. ආයෙත් ලොකු අම්මාද කියලා හිතලා කෝල් එකට ආන්සර් නොකර ඉඳියාත් දෙවනි වතාවටත් ෆෝන් එක රින්ග් වෙද්දී මම නොරිස්සුමෙන් කෝල් එකට ආන්සර් කරලා ෆෝන් එක කනේ තියාගත්තා..

"හෙලෝ.."

"සින්නදොරේ.."

"මොකද බං සැරින් සැරේට කෝල් කරලා වද දෙන්නෙ.. වැදගත් දෙයක් නෙමෙයි නම් ඔන්න ඔය මඟුල තියපන් මම වැඩක ඉන්නෙ.."

"ෂමාවෙන්න මාතියා.. අපිලා මාතියාට කරදර තමා කරනවා.."

අනිත් පැත්තෙන් තංගරාජාගෙ බයාදු කටහඬ ඇහෙද්දී මම පිස්ටල් එක මේසෙ උඩින් තියලා එතන තිබුණ වතුර වීදුරුව අරන් උගුරු කීපයක් බිව්වා..

"ඉක්මනට කියපන් ඇයි ගත්තෙ.. ලොකු අම්මා ද උඹට කිව්වෙ මට කෝල් කරන්න කියලා.."

"නෑ මාතියා.. නෝනාමාතියා නිදාගන්නකම් ඉදලා තමා අපිලා මාතියාට කතා කරා.. අපිලා.... අපිලා පෂ්ෂෙ ගන්නම්.."

කාළි [Completed]✅Donde viven las historias. Descúbrelo ahora