101📖️

10.1K 1.3K 1K
                                    

ආදරය හරි ලස්සනට අකුරු හතරකින් ගෙත්තම් කරපු සුන්දර හැඟීම් මවන වචනයක් වෙද්දී ආදරයයි රාගයයි විශ්වාසය කියන බැඳීමත් එක්ක එකතු උන තැන වෙනමම ලෝකයක් මැවුනා..

අවුරුදු විස්සක් වගේ පුංචි වයසකදි මම වයසටත් වැඩිය එහා ගිය පරිණත පිරිමියෙක් වෙලා ඉඳියාත් අදටත් සමහර තැන් වල මම එයා ළඟ හැසිරුනේ පොඩි එකෙක් වගේ.. මම එහෙම හැසිරුනාටත් වැඩිය එයා මාව එහෙම හැසිරෙන්න පෙළඹවෙව්වා කිව්වොත් තමයි හරි..

මගේ අහිංසක දඟකාරකම් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා යනවාට සතී අකමැති වෙද්දී සමහර දවස් තිබුණා එයාත් මගේ වයසට ඇවිත් අවුරුදු විස්සක විසි එකක ඉළන්දාරියෙක් වගේ හැසිරෙන..

ඒ වෙලාවල් වලදි නම් මට එයා ගැන නොසෑහෙන්න දුක හිතුනා.. අද මම නතර උන තැනින් ජීවිතේ පටන්ගත්තාත් අවුරුදු විස්සෙ ඉදන් හතලිහ වෙනකම් එයාට එයාගෙ ජීවිතේ හොඳම වයස මග ඇරිලා තිබුණා..

"ආර්.. කැහ්.. කැහ්හ්..."

කෑම මේසෙ සතීගෙ එහා පැත්තෙන් වාඩි වෙලා කන ගමන් ඉදපු මට කෙඳිරි ගෑවෙන්න යද්දී මම ඉක්මනට කැස්සෙ කටින් පිටවෙන්න ගිය කෙඳිරිය නතර කරගන්න ගමන්..

"ඇයි පුතේ.. හිර උනාද.. පරිස්සමෙන් කන්න එපැයි දරුවෝ.. ආ මේ වතුර එක බොන්න.."

සතීගෙ අම්මා මට දීපු වතුර වීදුරුව අරන් මම උගුරු කීපයක් ඉක්මනට බිව්වෙ ඇස් කොනෙන් සතී දිහා බලලා එයාට රවන අතරේ..

මගෙ මිනිහා නම් මහ වලත්තයෙක්..

මේ අහිංසකයාට නිදහසේ කෑම ටිකවත් කන්න දෙන්නෙ නෑ..

කෑම කන අතරෙ එයා කරේම නිදහස් අතින් මගේ නිරුවත් කලවා අතගාන එකයි මිරිකන එකයි වෙද්දී අන්තිමට ටිකෙන් ටික එයාගෙ අත උඩට එද්දී ඉවසන්න බැරි තැන මට කෙඳිරි ගෑවෙන්න ගියා..

"සතීෂ.. ඔය දරුවාට නිදහසේ කෑම කන්න දෙනවා මනුස්සයො.."

මෙච්චර වෙලා සද්දයක් නැතුව කෑම කාපු අප්පච්චි ඔලුව උස්සලා සතීට කියපු දේත් එක්ක මට එතනම වලක් හාරක් වැලලෙන්න හිතුනා වගේම මම එයාගෙ අත කෙනිත්තුවා..

හරිනෙ ඔය කරේ.. අම්මායි අප්පච්චියි ඉස්සරහා සායම හෝදලාම යවාගත්තා..

කාළි [Completed]✅Hikayelerin yaşadığı yer. Şimdi keşfedin