11📖️

7.9K 1.3K 601
                                    

වසර විස්සකට පෙර...

"කාගෙද බං හදවත ගොලු.."

"කවීන්.."

හේෂ් කවියා දිහා බලද්දී ඌ ඉක්මනට කටපියාගත්තා.. නම කිව්වාත් ඇති මුන්ට.. අනේ මන්දා හේෂ්ට මුන් මෙච්චර වහ වැටෙන්න එයාගෙ තියෙන විශේෂත්වෙ මොකක්ද කියලා.. සමහරවිට මට නොදැනෙන දෙයක් උන්ට දැනෙනවා ඇති.. එහෙම හිතපු මම කම්මුලට අත තියන් හේෂ් දිහා බලාගෙන ඉඳියා..

බොරු කියන්නේ මොකටද.. ඇත්තටම එයා ලස්සනයි.. කොල්ලෙක්ට කලාතුරකින් පිහිටන හරිම අමුතු ⁣හිත් වශී කරන පෙනුමක් එයාට තිබුණේ.. මට අද වගේ මතකයි මං එයාව හරියටම දැකපු මුල්ම දවස.. එක ස්කෝලෙ ඉදලාත් මම එයාව කලින් දැකලා නොතිබ්බා නෙමෙයි.. ඒත් මම එයා දිහා හරියටම බැලුවේ අපි දෙන්නාගෙ මැරේජ් එක ගැන අප්පච්චිලා අපිට කියපු දවසෙ.. මගෙන් අහන්නෙවත් නැතුව අම්මායි අප්පච්චියි ගත්තතීරණේ ගැන හිතේ තරහක් නොතියෙන්න සමහරවිට මම හේෂ්ව පිළිගන්නත් ඉඩ තිබුණා..

"ඇස් අහකට ගන්න බෑ වගේද.."

එකසැරේම බඩට වැදුන පාරත් එක්ක පියවි සිහියට ආපු මං මගේ එහා පැත්තෙ ඉදන් කින්ඩියට හිනා වෙන කවියා දිහා බැලුවා..

"එහෙම දෙයක් නෑ.."

"අනේ පලයන් බං.. උඹ කාවද රවට්ටන්න හදන්නේ.. මෙතනට දැනෙන දේ පිළිගන්න පුරුදු වෙයන්.. මොකද ඒක තමයි ඇත්ත.."

කවියා කිව්වෙ උගේ පපුවට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නන ගමන් වෙද්දී මං ඌට උත්තරයක් නොදීම හේෂ් දිහාට හැරුණා.. එයා කොල්ලොන්ට මොන මොනවාදෝ කියන ගමන් හිනා වෙනවා.. ඒ හිනාවෙන් මුලු මූණම පිරිලා ගිහින්.. අල්ලලා ඒ කම්මුලක් මිරිකන්න හිතෙද්දී ම⁣ටත් නොදැනීම මගේ මූණට හිනාවක් ආවා..

කාළි [Completed]✅Donde viven las historias. Descúbrelo ahora