34📖️

10.4K 1.4K 410
                                    

වසර විස්සකට පෙර.....

සන්තාන සුසුම් දවටා
හන්තාන සුළඟ හැමුවා
මං ගාව රැලිති නගවා
ගංගාව ඔහේ ගැලුවා

මල් වීදි අතර සඟවා
ගිය හාදු ඇතිද බැලුවා
වැල් පාලම ගත සොලවා
අපි බයද කියා බැලුවා
සන්තාන සුසුම්...

සීතල රෑ කලුවරේ වලව් වත්ත කෙලවරකට වෙන්න තිබුණලොකු මාර ගහ යට ගල් බංකුවෙ වාඩි වෙලා මම එයාපද තාලෙට මුමුනනවා අහගෙන ඉඳියා.. හිත නිවන භාවනාවක් වගේ ලස්සන කටහඬක් හේෂ්ට තිබුණේ.. මම හරි ආසයි එයා සිංදු කියනවා අහගෙන ඉන්න.. ඒත් මගේ තියෙන හාමු මාන්නෙටද මන්දා ඒක මං කවදාවත් එයාට කියන්න ගියේ නෑ..

කලු වලාකුලු වහගත්ත අහසේ අඩ හඳට තනි රකින්න වගේ තැනින් තැන පායපු තරු දිහා බලාගෙන එයා හිනා වුණා.. ටිකකට කලින් මං නිසාම අඬපුඇස් ආයෙත් මෙහෙම හිනාවෙද්දී ළඟින් ගියපු කණාමැදිරියෙක් අත් දෙකෙන්ම වහලා අල්ලගත්තමූණ පුරා ඇඳුනෙත් හරි ලස්සන හිනාවක්.. හැමදාම වගේ හේෂ් අදත් මේ පුංචි දෙයින් සතුටු වුණා.. වෙලාවකට හිතෙනවා මම එයාට නපුරු වෙනවා වැඩියිද කියලාත්..

"බලන්න එ......."

අත් දෙක දෝත පුදලා මගේ දිහාට දික් කරපු හේෂ් මං එයා දිහා ඇහිපිය නොගහා බලාගෙන ඉන්නවා දැකලා මගේ ඇස් මග ඇරලා බිම බලාගත්තා..

"ඇයි ඔයා ඔහොම බලන්නෙ.."

"මම මීට කලින් කවදාහරි කියලා තියෙනවාද ඔයා සිංදු කියද්දී අහගෙන ඉන්න මම ආසයි කියලා.."

කාළි [Completed]✅Where stories live. Discover now