98📖️

9.9K 1.3K 741
                                    

ට්‍රීං.. ට්‍රීං...

වෙලාව පාන්දර හයයි..

මගේ පපුවට මූණ තියාගෙන නිදන් ඉදපු එයා ඇහැරෙන්න කලින් එලාම් එක ඕෆ් කරලා මං ඇඳෙන් බිමට බැස්සා..

සතී තාම නිදි.. හොස්පිට්ල් එකේ ඉදන් ගෙදර ඇවිත් සති එකහමාරකට කිට්ටු වෙද්දී දැන් නම් එයාගෙ තුවාල වල වේදනාව ගොඩක් දුරට අඩු වෙලා තිබුණා..

කොහොමත් මේ මනුස්සයා හොස්පිට්ල් ඉන්නකනුත් හැසිරුනේ වෙඩි වැදුන ලෙඩෙක් විදිහට නෙමෙයිනෙ.. අනේ ඇත්තට මේ අතපය යකඩ වලින් හදලා ද දන්නෙ නෑ වේදනාව නොදැනෙන්නෙ..

එහෙම හිතුවාට මොකද මම දන්නවා එයාට වේදනාව නොදැනෙනවා නෙමෙයි එයා වේදනාව දරාගන්නවා කියලා..

උඹ හරි ආදරණීය මනුස්සයෙක් සතී.. මට සමාවෙයන් ආපහු උඹ ළඟට එන්න මෙච්චර පරක්කු උනාට..

නිදන් ඉදපු එයාගෙ ඔලුව අතගාලා නළලට හාදුවක් තියපු මම කෙලින්ම ගියේ බැල්කනි එකට..

අද සඳුදා දවසක් වෙද්දී පාරේ යන වාහන වල හෝන් හඬ ඕනාවටත් වැඩිය මගේ කන් වලට ඇහුනා.. තව ටිකකින් ඉර සම්පූර්ණයෙන්ම පායාවි.. පුරුදු විදිහටම මිනිස්සු තම තමන්ගෙ ජීවිත එක්ක ඔට්ටු වෙන්න පටන්ගනියි..

ඉස්සර වගේ වේලාසනින් නැගිටින්න විශේෂ හේතුවක් නැතත් දැන් මට ඒක පුරුද්දට ගිහින් තිබුණා.. කොච්චර කොහොම හිත හදාගන්න හැදුවාත් මම කොළඹට නුවරට වැඩිය තේ වතු මැද ගෙවපු ඒ සීතල ජීවිතේට අදටත් ආස කරා.. අලුත් තේ දලු වල ලස්සන පාට පාට මල් පොකුරක සුවඳත් එක්ක කිරි බෝතලේකුත් අතින් අරන් පාන්දරම බංගලාව⁣ට දුවපු ඒ අතීතෙ හරි සුන්දරයි..

වෙලාවකට හිතෙනවා මගේ ඇතුළෙ ඉදපු ඒ අහිංසක දඟ කොල්ලා කාලෙත් එක්ක මැරිලා ගියා ද කියලා..

ජීවිතේට ප්‍රශ්න එනවාත් එක්ක තමයි මිනිස්සු පරිණත වෙන්නෙ.. දරාගන්න හුරුවෙන්නෙ.. මට සිද්ද උනෙත් ඒ දේ..

ටික වෙලාවක් බැල්කනි එකට වෙලා ඉදපු මම දත් මැදලා වොෂ් දාගෙන කොට ෂෝර්ටට සැහැල්ලු ටී ෂර්ට් එකක් දාගෙන පඩිපෙල බැහැලා පහලට ආවා..

සාගරයක් වගේ ලොකු ගෙයක් උනාට මේ ⁣මුලු ගෙදරටම ඉඳියේ අපි දෙන්නා විතරක් වෙද්දී මට නිකමට හිතුණා අනේ් දරු පැටියෙක්වත් ඉඳියා නම් මේ ගෙදර වගේම අපේ ජීවිතත් එලිය වැටෙයි නේද කියලා..

කාළි [Completed]✅Where stories live. Discover now