Extra📖️‼️

9.1K 947 1.9K
                                    

"විරුද්ධ පක්ෂෙ උන් මොනවා කිව්වා කරාත් අපි සැලෙන්නෙ නෑ මිත්‍රවරුනි.. එදාත් අදත් හෙටත් උඹලා මගෙ වාසලබණ්ඩාර ඇමතිතුමා එක්ක කියලා මං දන්නවා.. දුප්පතාගෙ හිතවතාට මේ රටේ අහිංසක ජනතාවගෙ නායකයාට රීරි යකින්නගෙ පිස්සු හු- ට ජයවේවා..."

මල් මල් කොට ෂෝර්ටට සුදු කමිසයක් ඇදලා ගලවපු ට්‍රවුසර් එක බෙල්ලෙ ඔතන් පුටුවක් උඩ නැගගෙන මල්වාස් එක මයික් එකක් විදිහට අතට අරන් සිරිමලා සද්දෙන් කියද්දී තේනුල්‍ය කොස්සත් අරගෙන සාලෙට ආවා..

"පොල්මලෝ උඹ මගෙන් කොසු පාර කන්නෙ නැතුව ඔය කියවිල්ල නතර කරගනින්.. ඇයි යකෝ මේක හරි මඟුලක් උනානෙ.. මේක ගෙයක් මිස උඹලාගෙ පක්ෂ කාර්යාලයක්වත් ඡන්ද රැස්වීමක්වත් නෙමෙයි.."

සෑහෙන්න කාලයක් රටින් පිට වෙලා ඉදපු යසිත්ව ආයෙත් අවුරුදු ගානකට පස්සෙ තේනුල්‍යගෙ ඉල්ලීම උඩ තේව් ගෙන්නගත්තෙ සිරිමලා තරම් වෙන කිසිම සෙකට්‍රි කෙනෙක් තේව් ගැන අවංකව වද වෙන්නෙ නෑ කියලා තේනුල්‍ය එයා එක්ක රණ්ඩු කරපු නිසා..

"මං එදා කිව්වෙ බොරුද සහෝදර සහෝදරවරුනි.. මගෙ ඇම... ආ සමාවෙන්න.. ඇමතිතුමා නෙමෙයි අගමැතිතුමා.. දන්නෙ නැද්ද හිටි ගමන් ඩාම් වෙනවා ඩූම් වෙනවා.."

"මගෙ අගමැතිතුමා එදා මේ රීරි යකින්නගෙ පොත්තට රැවටිලා මේකට කරගැහුව නිසා ත..... ආව් මොකද කොණ්ඩ කූරු කූරු යක්ෂනියෝ තෝ මට ගහන්නෙ.."

"බැහැපන් ඔය පුටුවෙන් බිමට.. ගුටි නොකා බැහැපන්.. කලිසමත් ගලවගෙන.. බූරුවා.. අගමැති ලේකම් කෙනෙක් හැසිරෙන විදිහට ද උඹ ඔය හැසිරෙන්නෙ.. එක්කො උඹ මේ ගෙදර බලාගනින්.. මං වෙන්නම් මගෙ මිනිහා⁣ගෙ සෙකට්‍රි.."

"පිස්සුද.. හොඳට තියෙයි.. මේ බලන්නකො ඒයි මෙයා.. උඹ සෙකට්‍රි උනොත් අගමැතිතුමා එක දවසයි පුටුවෙ ඉන්නෙ.. පහුවදාම ඉල්ලා අස්වීම බාර දීලා ගෙදර එන්න වෙයි..."

"ඇයි ඇයි ඒ මොකද.."

"ඔයා ඇරෙන්න අනිත් හැමෝම ඒකට හේතුව දන්නවා.. ඒවායින් වැඩක් නෑ.. ගනින් මේ වාස් එක.. බාල බඩු.. මේඩ් ඉන් චයිනා ද කොහෙද.. දෙක වදිනකොට කැඩෙනවා.."

"චයිනා බැරි නම් බලුකිස්තාන් උනාත් මොකද බං නිකන් හම්බෙනවා නම්.. ඕක ඊයෙ සිරිසේන ඇමතිතුමා ගෙනාවෙ වයිෆ්ට ගනිද්දී මාවත් මතක් උනා කියලා.."

රාවණන් [Completed]✅Where stories live. Discover now