✨️17 කොටස✨️

10.4K 1.2K 1.5K
                                    

වට්පෑඩ් ඊයේ පෙරේදා ආපු අප්ඩේට් එකෙන් පස්සේ සිංහල ෆොන්ට් එකෙන් කමෙන්ට් කරන්න බැරුව තිබ්බ ප්‍රශ්නේ හරි ගස්සලා..ඒ නිසා වට්පෑඩ් ඇප් එක අප්ඩේට් කරගන්න සිංහලෙන් කමෙන්ට් කරන්න ආස අය 💕

ඩීන්ගේ කුණු හාච්චියෙන් පස්සේ මම හිටියේ හනිමූන් එකෙන් පස්සේ ලෝකෙට පලවෙනි වතාවට මූණ දෙන කෙල්ලෙක් වගේ...

ඌ මාව ලොක් කලා...බ්ලොක් කලා...රතු කලා...සීතල කලා...දිය කලා...කොටින්ම ඌ මට කරන්න ඕන සේරම කලා....

ඌ මාව උගේ තනි කැමැත්තට කිස් කරද්දී මගේ ඇඟ ඇතුලෙන් විදුලි ආඳාට අමතරව තව සත්තු වගයක් එහා මෙහා යනවා දැනුනා...

හරියට ගෙදර සිවිලිමේ එහාට මෙහාට පිස්සුවෙන් දුවන කලවැද්දෝ වගේ සෙට් එකක්....

එතකොට ඩික්සන් කියන්නේ කලවැද්දන්ගේ නායකයාද?...වැදි භාසාව තියා සිංහලවත් බැරි මූ වැදි නායකයෙක් වෙන්නේ කොහොමද?....මට සිරාවටම පිස්සු හැදීගෙන එනවද කොහෙද....

මූ මාව පිස්සෙක් කරලා අංගොඩ ඇරලයි නවත්තන්නේ..පුක්සන් මට පන්නපු නූල තඩියයි කොටයි එක්ක හොයාගෙන ඒක කපලා දාන්න ඕන අගින්ම....වහාම ඒක හොයාගන්න ඕන...රාධේ නිරාධේ වෙනවා නැත්තම්....

ඩික්සන් මාව ලෙඩෙක් කරලා නවත්තනවා ඉස්පිරිතාලෙ ලඟදීම..එහෙම වුනත් මහා අප්සෙට් එකක් නෑ ඉතින් ඕලෙවල් කට්ටි පනින්න පුළුවන් නම්...

ඔය විභාගෙට මම නොහිටියා කියලා විභාග දෙපාර්තමේන්තුව සැලෙනවද?..නෑනේ..ඕලෙවල් කිට්ටු කරලා රාධේ කොල්ලා ඩික්සන් උතුමානන් නිසා හාට් පේශන්ට් කෙනෙක් වුනා නම් එලම කිරි...ජින්ක ජිකා!!!!

මට හොරෙන් බැල්මවල්වල දෙන පුක්සන්ව නොපෙනෙන ගානට මම ඉද්දී උගේ ගැන්සිය හිකිස් හිකිස් ගගා වැලලෙන්න හදනවා...මුන්ට හචින් යනවද කොහෙද...සමහරවිට කොටා මුන්ට httpලා කියලා බනිනවා ඇති ඌව දාලා ආපු නිසා....

මම මනෝ ලෝකේ සැරිසරද්දී අර අක්කා ගවුම් මහ ගොඩක් උස්සගෙන ආවා කියහන්කෝ...මිනී දහයකට අන්දතහැකි ඒවා....ඒකි ඒවා ගෙනත් මට රැව්වා...මේ ලොන්ති බලහල්ලකෝ....කෙල්ලෝ රවන්න ඔරවන්න නම් දන්නවා අකුරට වෙන මොකුත් බැරි වුනාට....

රාධේ (Non-Fiction)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ