✨️48 කොටස✨️

13.2K 1.2K 1.7K
                                    

මන් කටින් ගහපු සික්සර් එකෙන් පස්සේ උස හේසාන් අයියා හිටියේ ගොළු බේත් බීපු ජිරාෆ් වගේ....ජිරාෆ් කෝමත් ගොලුයිනේ....හේසාන් උස නිසා ඌ ජිරාෆ්ම තමා....බෙල්ල දිග නෑනේ මුගේ ඒත්...වෙන එකක් නම් දිග ඇති.....තඩියා තමා ඒක දන්නේ....හික්ස්....සැජ්ජයි අනේ මට හිතෙන එව්වා ගැන....

හේසාන් කපටියා මගේ තඩියා වගේම....මොනා කීවත් කට පුක මූට්ටු කරන් ඉන්නවා ගෙවලයෝ දෙන්නාම...හේසාන්ගෙන් තඩියගේ බඩට පැටව් ආපු දාට තමා මන් මුන් දෙන්නගෙම ඇට තලාගෙන තලාගෙන ගිහින් අග්ගලා හදන්නේ....ඕහ් යෑර්ස්!!...

තොපි දන්නේ නෑ මේ වීර රාධේ පුත්තරයාගේ හැටි.....හොඳට නරකායි...නරකට හොඳායි....හුම්...හුඟාක් වසායී.....

අකිලයියාට වතුර ටික පිට උගුරේ ගිය නිසා මන් මගේ ශ්‍රී හස්තයෙන් පොරගේ පිට අතගෑවා...පොරට වතුර ටිකක්වත් උගුරෙන් පහලට මන්දෝ කරගන්න බැරි හැටි.....කන්නාඩි නැතුව උගේ මූණ බලනකොට අමුතුයි....කන්නාඩි නැතත් පොර හැන්ඩියා....

කෙට්ටුවට හිටියට කොන්ක්‍රීට් වගේ ගල් පිටක් ඒක....මුන් සෙට් එකම සිමෙන්ති කොට්ට ගිලිනවද මන්දා....කෝමද අකිලයියාට ඒ ලැබුන මගේ අත් පහස...

සුදු අතක් තියෙන ජාතික වීරයෙක්ගෙන් පිට අතගාගත්තා කියලා මූ හැමතැනම කිය කිය යයිද දන්නේ නෑ...කැරට් එහෙම ලාබෙට බොට හම්බෙයි බන් අයියේ මගෙන් පිට අතගාවගත්තා කියලා කඩවලට දැන්වුවාම.....

අකිලයියාට එහෙම නම් ඩික්කි පුතාට කොහොම ඩිස්කවුන්ට් ලැබෙන්න ඕනද...මන් උගේ අතගාන්නේ නැති තැනක් නෑනේ....හික්ස්....මන් කිව්වේ අනාගතේ තව ගොඩක් තැන් මන් උගේ අතගායිනේ ඌ වලිවලට ගිහින් ආවාම තෙල් බේත් ගාද්දී.....මතක් වෙනකොටත් මාව කැරට් වගේ තැඹිලි පාට වුනා..

ආදරයේ අළුත්ම පාට රන් තැඹිලි පාට!!

නිරා අවුට් වෙනකොටම ආම්පන්න වලින් සැරසුන මගේ ආදරණීය කඩවසම් ක්‍රිකට් ක්‍රීඩක සැමියා ග්‍රවුන්ඩ් එකට බැස්සා ගැම්මෙන්...බැට් කරන්න යන්න කලින් බිරිඳගේ ආශිර්වාදය ගන්න ඌ මගේ කකුල් අල්ලලා වැන්දා කියහන්කෝ දෙනෝදාහක් ඉස්සරහ...මට ඇඬුනත් එක්ක...මන් ඌව බදාගෙන කට කෑවා.....

රාධේ (Non-Fiction)Where stories live. Discover now