✨️45 කොටස✨️

8.4K 963 1.6K
                                    

නිල් නයාගේ ඉමිහිරි කටහඬට සැමියා වශී වුනාද දන්නේ නෑ....කොටාව මේසේට තද කරගෙන හිටිය මගේ අතින් උගේ බෙල්ල ලිහිල් වුනේ සැමියාගේ ලක්සන හිනාව දැක්කාම...

කොල්ලෙක් වුනාම ඌට වගේ ලස්සන හිනාවක් තියෙන්නම ඕන....එහෙම හිනාවල් නැති එවුන් කොල්ලෝ නෙවේ හිකනල්ලු....හුම්.....කම්මුල් වල ගැහෙන්නත් ඕන...පොඩ්ඩක් වල් වුනාට හෙනට ඩීසන්ට් වෙන්නත් ඕන....

මට ඉතින් දවස් 365ම හරි ඩික්සන්ගේ රුව වර්ණනා කරලා මහාවංසය වගේ මහා කාව්‍යයක් වුනත් ලියතහැකි...ඕක මම ලිව්වත් වැඩක් නෑ...සැමියාට බාසාව බැරි නිසා කියවන්න තේරෙන්නේ නෑනේ.....

මගේ ඩෙස් එක ගාවටම ඩික්සන් ඇවිදන් ආවා කලිසම් සාක්කුවලට අත් දාගෙන...ඌ ඇවිදිනකොටත් නළුවෙක් වගේ...හනේ ඉතින් මගේනේ...එහෙම හිතෙනකොටත් මගේ මූණ දොඩම් වගේ රතු වෙන්න ඇති.....

මන් කෝලමක් වගේ සැමියා දිහා බලාගෙන එලොවට යන ද්වාරය ලඟ පෝලිමේ ඉන්නකොටම බඩ තඩියාගේ යෝධ නියපොත්තක් මගේ අතේ වැදුනා...බලනකොට තඩියා ඩික්සන් එක්ක හිනාවෙවී මගේ අත කොනිත්තනවා...

මැරියන් තෝ බඩා! එක්කෝ එපා අර උස හේසානයා පව්...මට ඌවත් කරගහන්න වෙයි...කෝමදැ කැප්ටන් වයිස් කැප්ටන් දෙන්නම එක සුදු පට්ට කෑල්ලක් එක්ක දීග ගියාම....එකගෙයි හු...කෑම....හික්ස්....සැක් වල් කලවැද්දන්ගේ බාසාව අන්තිම කැතයි......

"Hey fatty...hi shorty..."

හම්මපා යකෝව් මූ...තඩියාටයි කොටාටයි හායි කියනවා...කොටා බෙල්ල අතගගා ඩෙස් එක කොනිති ගගහා ලැජ්ජා වෙනවා...අඩෝ මූ උඹේ ලමයගේ අප්පා වෙන්න ඇහුවා නෙවේ කොටෝ....තඩියාත් කට පුරවලා ඩික්කාට හිනාවක් දුන්නේ සිග්නල් ඇඩ් එහෙක ඉන්න එකෙක් වගේ....

"Hey baby...මොකද මෙයාලට රවන්නේ?...රවද්දී very beautiful...කන්න හිතෙනවා...."

මගේ කම්මුලක් හීනියට මිරිකලා ඩික්කා කියපු කතාව ඇහිලා අපේ පන්තියේ කොල්ලෝ එකා දෙකා කැස්සා....මෙච්චර කල් දොස්තර කෙනෙක් නැතුව වසා දමා තිබ්බ බෝධියේ කාස වාට්ටුව ඇරියලු....ඔව් ඉතින් දොස්තර ඩික්සන් ආවානේ...දැන් නම් මැරිච්ච එවුනුත් වලවල් වලින් නැඟිටගෙන එයි...ආරව් අපි ආවා....හේ හේ කියාගෙන දොන්ත වෙවී...

රාධේ (Non-Fiction)Donde viven las historias. Descúbrelo ahora