ඊලඟ දවසේ තඩියා එක්ක බස් එකේ ඉස්කෝලෙට යනකොටත් මට මතක් වුනේ අර ටහිකෙන තෑග්ග කියහන්කෝ...ඩික්සන් මාව අමුම අමු පිස්සෙක් කලා....
මුලින්ම ඌ තෑග්ගක් කියලා දුන්නේ ගෙඹි කීටෑග් එක....එදා තමා මන් මුලින්ම පිස්සෙක් වුනේ...එදා ඉඳන් අද වෙනකම්ම ඒ පිස්සුව හොඳ වුනේ නෑ තද වුනා මිසක්...
ඩික්කි පුතා ඒක තව තද කරන එකනේ වැඩේ.......ඌ මට තෑගි නොදෙන එකමයි හොඳ....නින්දත් නැති වෙනවා යකෝව් මගේ......
කොටින්ම හීනෙනුත් මුගේ ඉලව් ගිෆ්ට් එක පෙනුනා.....ඒ තරම් වටින බොක්කටම වදින තෑග්ගක්නේ ඌ මට දුන්නේ...
අවුරුදු කුමාරයා වුන වෙලේ ඌට දෙන්න බැරි වුන බේසික ත්‍යාගය මට එසේ ලැබුනු වගයි.....
හොඳ වෙලාවට අද සිකුරාදා දවසක් නිසා හොඳයි ඊයේ හවස ගැන මනෝපාරක් ගහන්න...නැත්තම් දවස් කීයක් වල් බමුණාගේ වලත්ත තෑග්ග ගැන හිත හිත ඇවිලෙන්නද මන්.....
ඔබ දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින් 🎶
ඊයේ රෑ මගේ මිනිහා කියන වලත්තයා කෝල් කරලා ඇහුවා ගිෆ්ට් එක හොඳද කියලා....ඌට ලැජ්ජා නෑ සෝරත හාන්දුරුවනේ....කෝමත් සුද්දන්ට යක්ඛ පුතුන්ට වගේ ලැජ්ජාවත් නෑ බයත් නෑ....
ඌ මන් ඒ ටහිකෙන ගිෆ්ට් එකට කැමතිද ඇහුවෙත් වොයිස් එක සෙක්සි කරලා...මට ඌටත් ගහලා ෆෝන් එකටත් ගහලා මගේ පුකත් කුඩු කරගන්න හිතුනා කියහන්කෝ.....
ඒ කුඩු කරගන්න හිතුන තුනම නැතුව මට අනාගතයක් නැති බව මතක් කරලා පිලිහුඩුවෙක් මාව පාලනය කරගත්තා.....
ඇයි මට මෙච්චර මල පැනලා තියෙන්නේ?...සතියක මල එක දවසින් පැනලා....මලෙන් මම වහගන්නේ ඇතිවුන ලැජ්ජාව රංජනී...
අනේ මට ඌව හම්බෙන්න යන්න බෑ මේ ඉරිදා....බෑ යකෝව් බෑ....එහෙම ගියොත් නම් ආයේ ගොඩ ඒමක් නෑ මට....රාධේ ඒස රාධේ කෙනෙක් වෙනවා නයනී! මොකද මට මාවම ශුවර් නැති සීන් එකක් තියෙන්නේ....
ඩික්සන් කියන්නේ වනචර වලත්ත ඒත් හොට් ඇන්ඩ් සෙක්සි කොල්ලෙක්....ඌ මට දීලා තිබ්බේ ඇඳුමක් කියහන්කෝ...ඌ හිතුවද දන්නේ නෑ මට ඇඳුම් හිඟයක් තියෙනවා කියලා.....එහෙම හිඟයි නම මම කැටේ කඩලා ඇඳුම් ගන්නවා ඩෝ අයියේ.....
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing