✨️05 කොටස✨️

14.1K 1.5K 890
                                    

මම බස් එකෙන් බැහැගන්නේ කොයි වෙලේද කියලා ඇඟිලි ගැන ගැන යනකොට තඩියා උගේ කුප්ප නරුම අසික්කිත හිනාව තද කරන් ඉස්සරහ බලන් යනවා...මූට වැහි නැති හෙණ වදින්නම ඕන ගල් මූසලයා....

ඌ මන් දිහා බලන වාරයක් ගානේ මන් ඌට ටොකු ඇන්නා...මොකද ඒකා බැලුවේ මන් දිහා නෙවේ මට පිටිපස්සෙන් හිටන් ගියපු එකා දිහා නිසා....කන්න එපැයි මූව....

අද බස් එක එලවන්නේ මොන යකෙක්ද මන්දා උගේ වැඩේම බස් එක මඩවලවල්වල දාලා මට කියලා උගේ අම්මා අප්පා මතක් කරගත්තු එක....මම හිතින් කිව්වට කටින් කිව්වේ නැත්තේ ඩීනයාට නෝන්ඩි වෙන්න බරුව...

ඔක්කොමත් හරි කියන්නේ පලවෙනි බ්‍රේක් පාරෙන් පස්සේ මම ඩික්සන්ට වැලමිටෙන් ඇන්නා..ඌ හිනාවෙවී ටිකක් පිටිපස්සට වුනාට මගේ දෙපැත්තෙන් ඒකාගේ අත් සීට් පොලුවලට තියන් මාව මැදි කරන් හිටියේ....

අපිට එහා පැත්තෙන් ක්ලාස් යන කෙල්ලෝ දෙන්නෙක් හිටියා...අට නමය වසරේ විතර ඇති....උන් දෙන්නා මායි ඩීනුයි දිහා බල බල හිකි හිකි ගගා කුටු කුටු ගානවා...අපෝ කෙල්ලන්ටත් මොනාහරි ඕපයක් පෙරන්න තියෙනවා නම් මොකුත් ඕන නෑ....මන් උන්ට රැව්වාම උන් දෙන්නගේ මූණු සුදුමැලි වුනා...හිත ඇතුලේ බල්ටි ගගහා මම හිනාවුනා....

ඩීන්ගේ අලුත් නම ඩික්සන් ආරච්චිලාගේ තුනී ලෑලි පුක්සන්....මාර කරුමයක් වුනානේ මේක...

ඉස්කෝලේ ගිහින් දෙවෙනි දවසෙම මම ගෑණියෙකුත් වුනා...යන යන තැන මිනිහා කියන එකා පස්සෙන්මයි....අද හෙටම බඩකුත් එයි....

"Why so quiet?..චණ්ඩි රජා වගෙනේ හිටියේ....ලැට් කට shut වුනාද?..."

කණ ගාවින් අරූ කෝඳුරුවෙක් වගේ කොඳුරනකොට මට දෙන්ඩ හිතුනා උගේ හොම්බ ගැලවෙන්න...අතක් හොල්ලන්න බැරි තරම් සෙනග නිසා මන් ඉවසුවා....

"ආහ්හ්හ්හ්හ්හ්හ්හ් ඩීන් එක්ක සියුමැලී ජෝඩු දාලා යනෝ....සියළුම දෙනා කෝ දෙන්න අත්පුඩියක්....අපි නව යුවල වෙනුවෙන් ගීයෙන් ගීය කියමු මේ තැලිල පොඩිවෙලා රෙන්න බර හැදිලා ඒවා දරාගෙන යන මොහොතේ.....එතකොට නංගිලා මල්ලිලා මගේ නම නිර්වාන්...නමටයි මටයි සම්බන්ධයක් නෑ හැබැයි...."

රාධේ (Non-Fiction)Where stories live. Discover now