✨️40 කොටස✨️

14.4K 1.2K 2K
                                    

මුකුලිතයා හොල්මනක් දැක්ක ගානට හිටියේ...ඔව් මම ගරා යකා ඩික්සන් මහසෝනා...බය වෙන්න එපැයි....ඒත් මේ මුකුලිත මට්ට කොලුවා මෙතන මොන ලබුකැටයක් කරනවද මන්දා....

මම ඉතින් මුකුලිතයා මේ වගේ පොශ් රෙස්ටොරන්ට් එහෙක ඉංග්‍රීසිත් බැරුව මොන මඟුලක් කරනවද කියලා කල්පනා කලා...උන්ට ලොකුවට සල්ලි බාගේ නැති එවුන් කියලා නම් මන් දන්නවා...ඒ නිසා ඌ පාට් ටයිම් ජොබක් කරන එක නම් අරුමයක් නෙවේ.....වැඩේ කියන්නේ මේ හිකනලාටත් මේ රෙස්ටොරන්ට් එකේ අදම වැඩ කරන්න සෙට් වුන එක....ෆිල්ම් වල වෙනවා මේ වගේ හික් ගෑවෙන වැඩ...

සෙන්ට්‍රල් එක පුරා කාඩයා කිය කිය යයි උඹලා දන්නවද වැඩක් අර රාධේ ගස් බම්ලා බෝධියේ ක්‍රිකට් පොර ආරව්ගේ උකුල උඩ ඌව බදන් හිටියා යැයි යැයි කියලා...අපි තොල් හපනවා බේසිකයා දැක්කද දන්නෙත් නෑ..වසලා හමාරයි එහෙම වුනොත්..ඌ දැක්කා නම් කියනවනේ නේත....

ඌ නොදකින්න ඇති....ඌ දැකලා නම් මම කියනවා මන් රාධේ නෙවේ අපරාධේ කියලා...ඉපදුනදා හොස්පිටල් එකෙන් මාරු කරපු රාධේ නොදුටු උගේ නිවුන් සහෝදරයා කියලා....යකෝව් මට අන්නසෝත්‍රය හපාගෙන මැරෙන්න හිතෙන්නේ මේ වගේ ගොන්ත වැඩ මන් අතින් වෙද්දී...

උඹ ඇඬුවේ නැත්තම් මම උඹව සනසන්න උඹේ උකුලට එන්නේ නෑනේ ඩික්කියෝ...උඹ ඇඬුවේ මොකටද?...උඹ ඇඬුවේ උඹම මට කෙලවන්න දාපු ඔට්ටුවක් මාට්ටු වුන නිසා...උඹ ඔට්ටුව දැම්මේ නැත්තම් අද මුකුලිතයා අපිව අසභ්‍ය විදියට දකින්නේ නෑනේ බන් අයියේ....

මන් බෝධියට ඇවිත් එදා උඹේ සික්සර් බෝලේ ඇල්ලුවේ නැත්තම් උඹ ඔට්ටු දාන්නෙ නෑ...බලාගෙන ගියාම මමමනේ යකඩෝ මේ හැමදේටම පලි....මටම කෙලවෙලා යන්න පොල් ගහන්න වෙයි වගේ....

එකපාරක් බෝලයක් ඇල්ලුවාම ජීවිත කාලෙම බෝල අල්ල අල්ල ඉන්න වෙනවා කියන කතාවෙත් ඇත්තක් තියෙනවනේ...එහෙම කතාවක් කවුරු කාට කිව්වද මන් දන්නේ නෑ...ඒත් එහෙම එකක් තියෙනවා....

බෝල...බෝල...ඩික්සන්ගේ ටෙනිස් බෝල...මට කෙලව්වනේ....ආයෙ නම් මලාට මන් ක්‍රිකට් නම් බලන්නේ නෑ...මටත් හොඳ වැඩේ සැරට ගහන බැට්ස්මන් කෙනෙක් හොයාගත්තට....

රාධේ (Non-Fiction)Where stories live. Discover now