✨️68 කොටස✨️

10.3K 1K 1.8K
                                    

"එපා කඳුලැල් සලා...
හඬන්නට ඔබේ නෙත....
පඩ සුවඳ ගලා....
සිප ගනී ඔබේ පුක..🎶"

ආතල් එකේ කැම්‍රි වර්ගයේ සිංදුවක් කිය කිය මම නෙහාර කොලුවා ඇඟේ හයිය පෙන්නන්න ගහපු බෙල්ට් පාර උඩින් තැලුම් ජෙල් ටිකක් ගාගන්න සැරසුනා....

තම තැලුමට තම අතය කියලා පැරැන්නෝ කියලා තියෙනවනේ සඳමාලී සහ දම්සාරී!

පොඩ්ඩක් රිවයින්ඩ් කරලා අතීත කාලෙට යමු නයනී!

එයාගේ පලවෙනි බෙල්ට් පාර කාපු ගමන්ම මන් එපා කියද්දීම ඇස්වලින් කඳුලු පගයෝ එලියට මන්දෝ කලා....මන් ඒත් ගැම්මෙන් හිටියා හිනාවෙලා...තාත්තාගේ එක ප්‍රශ්නයකටවත් මන් උත්තර දුන්නේ නෑ....

මඟ ගියත් අඹු නසී ගෙදර ගියොත් තෝ නසී හින්දා මන් කට පියාගෙනම හිටියේ මන් දැන් මොක කිව්වත් මෙයාට රුවිතෙට වගේ පේන්න පුළුවන් හින්දා....

මල පැනලා ඩික්සන්ව හොයාගෙන ගිහින් කන පැලුවොත්වත්වත් උඹ මගේ කොල්ලාව අරන් රවුම් ගැහුවේ මොන හයියකින්ද යකෝව් කියලාවත්...ඌ ඊට පස්සේ කියයි රවුම් නෙමේ අන්කල් අතේ ගැහුවේ කියලා මන් ඉවරයිනේ මලිත් කොල්ලෝ!

තාත්තාට මගේ දුක්බර ගැමි හිනාව දැකලා අවුල් ගියාද මන්දා එක පාරයි ගැහුවේ බෙල්ට් එකත් විසි කරලා දාලා කාමරේට ගියා...අම්මා දුකින් මන් දිහා බලා ඉඳලා මොකවත් කියන්නේ නැතුව ගියා කුස්සියට....

හොඳ වෙලාවට නෙහාර බෑග් එක ඇද්දේ නැත්තේ...එහෙම වුනා නම් රාධේ අපරාදේ වෙලා මෙලහකට ඉහල අහසේ සැරිසරන භූතයෙක්නේ නයනී....

ඒ ඇඳුම් ටික දැක්කා නම් තාත්තා හිතයි මන් පාට් ටයිම් වට බඩ්ඩක් කියලා...වට බඩ්ඩක් වෙන්නම මට ඉඩ දෙයි ඔයාගේ බෑනා පොඩ්ඩ.....

අර ඩබල මාව සාලේ තනි කරලා ගිය ගමන්ම මන් කුඩු වෙච්ච ෆෝන් එක අතට ගත්තා...ඒකේ ස්ක්‍රීන් එක නම් කක්කා බරක් තියෙන මකුළුවෙක් කලබලේ හැදුව මකුළු දැලක් වගේ හැම අතටම ඉරි තලලා.....ඒ තරම් කැටයම් ඒ ලබ්බේ...මන් ඉතින් ටී ෂර්ට් එකෙන්ම දූවිලි පිහුවා ඒකේ....

හොඳ වෙලාවට මන් මේකට පාස්වර්ඩ් එකක් දැම්මේ තඩියාගේ උපදෙස් පරිදි...නැත්තම් මගේ බාගෙට හෙලුවැලි සෙල්ෆී ටික දැකලා තාත්තාට හීනියට ඇටෑක් දෙක තුනක්ම එන්න ඉඩ තිබුනා....එයාව හාට් ඇටෑක් දෙක තුනකින්ම බේරගත්ත පුතෙක් හැටියට වීර කිම් රාධේ ජූන් අප්පු ඓතිහාසික වෙයි.....

රාධේ (Non-Fiction)Where stories live. Discover now