✨️74 කොටස✨️

9.9K 951 1.9K
                                    

මට ඉතින් වෙන්නෙම ස්වප්නා වගේ ටහිකෙන නාට්ටිවල වෙන මනස්ගාතම අද්භූත දේවල්ම තමා දම්සාරී...කඩල ගොට්ටක්වත් නිදහසේ කටට මන්දෝ කරගන්නවත් චාන්ස් එකක් නෑනේ මට සැමියා නිසා.....මාර කරුම!

ඩික්කිගෙයි මගෙයි රාඩීන් ලව පටන් ගන්න සියවස් එකසිය හැත්තෑපහකට විතර කලින් ඉඳන්මයි ඌයී මායී කෑම නාස්ති කරන්න පටන් අරගත්තේ....

පිරමීඩ හදන කාලේ ඒ කියන්නේ සූරපප්පා එකේ නිකම්බාස් හා මකබාස් ජීවතුන් අතර සිටි ප්‍රෞඪ ඉටිහාසේ ඉඳන්ම මන් සැමියා නිසා ආහාර අපතේ යවලා තියෙනෝ......

එටනත් ටචාර්‍ය ටෙසානයාගේ ඉටිහාස පොටේ පිටුවක් පෙරලෙන්නයි යන්නේ.....ඌ නම් මැරිලට් ඉටිහාසේ පොටක් පෙරලයි....

පින්වතුනි මට මතක් වෙනවා ඒ කාලේ.....ඩික්කි පුතා හා හා හුටා කියලා කොන්ඩේ දිග පුක ලොකු අමන්දියාගේ නලල කිස් කරපු ඒ ඓතිහාසික කැම්‍රි දවසේ මන් රුපියල් අටසීයක් වගේ ඉතා අධික මුදලක් වියදම් කරලා මිලදී ගත්ත අයිස් පලම් ටික හිත අස්සේ බුර බුරා නැගුන කේන්තිය හේතු භූත කරගෙන පාගලා දැම්මානේ මන් බූරුවෙක් වගේ...හයියෝ සල්ලිනේ මලිත්!

ඒක හරියට කැකිල්ලේ රජා නාලාගිරි ඇතා ලවා කාවදෝ පෑගුවා වගේ... සිංහල පේපර් එක ලියපු නිසා උපමා සීන් එකේ ඉන්නේ මන් තාම....හික්ස්....මට මතක නෑ ඕයි ඉටිහාසේ....කොහොම හරි ඇතෙක් පෑගුවා මොකෙක්ව හරි...පොයින්ට් එක හරිනේ....

ඒ ඉතිහාසය ආයෙම අළුතින් සිද්ද වෙනවා නම් වෙන්නේ නූතන හස්ති රාජ පිංතාලි තඩියා හේසාන් උණහපුළු තාත්ති කියන නමක් ගමක් නැති ඇත්ගොව්වාව පාගන දවසකට තමා.....

ඕන් හිත වටේ යනවා මගේ....රාධේ යනු වටේ යන හිතක් ඇති වටේම ඉන්න් කොල්ලෝ සහ කෙල්ලෝ චූන් කරන වට්ටක්කයක් වගේ පූපක් තියෙන වටබම්ඩකි.....

මගේ උත්‍තරීතර නම කියලා කතා කලේ වෙන කවුරුත් නෙමේ මගේ සදාදර පියාණන් වූ නෙහාරගේ ආදර පිය බිරිඳ හෙවත් මගේ හිතාදර මව්තුමිය සාමලී සුදු මැණික.....

අපි නැග්ගොත් ගහකත් කඹයක් කියලා පැරැන්නෝ කිව්වේ නිකම්ද?...කඹ නයෙක් හරි ඉන්නවා ගහේ...අපේ අම්මා නයෙක් නෙමේ.....නාග කන්‍යාවක්...ශිවන්‍යාගේ අක්කා ශාමලියා මෙයා.....

රාධේ (Non-Fiction)Where stories live. Discover now