"රාධෙයෝ අන්න සක්විතියාත් කල්ල මරේ තියන් අපි ඉන්න පැත්තට දුවන් එනවා...ඌ කොහොමද දන්නේ අපි ග්‍රවුන්ඩ් යයි කියලා...ප්‍රශ්න කෝටියක් අහයි උඹෙන්...මල පන්නේ ගන්නේ නැතුව හිටහන් ඈ..උඹත් ඌ වචනයක් කිව්ව ගමන් ඇවිලිලා යනවනේ.."
"අඩෝ මාර කරුමයක් වුනා මේ බුලුඅයිස් කාරයා..මුගේ ඇහැක් නිල් කරමුද ඔක්කොම වැඩ පැත්තකින් තියලා...එතකොටවත් මේකා සතියක් විතර ඇබ්සන්ට් වෙයිනේ...ඌටත් ඉහින් බහින ලෙඩක් නෑනේ අපේ කරුමෙටම...මේකා ප්‍රශ්න පත්තරයක්...සාපෙටවත් මූ අහන තරම් ප්‍රශ්න එන්නේ නැතිවෙයි...අද මූ ආරව් කියන වචනේ කිව්වේ නැත්තම් මම වහ කාලක් බොනවා තඩියෝ...."
මායි තඩියයි ලාස්ට් බෙල් එකෙන් පස්සේ දේව් පගයාව ග්‍රවුන්ඩ් එකට කම්මැලිකමේ ගාටද්දී මෙන්න බොලේ කොටාත් අපි පස්සෙන් දුවන් එනවා පේනවා...
මූ කොහෙන්ද මතු වුනේ?..
කොටාව මොකෙක්ට හරි සෙට් කරන්නම වෙනවා මේ යන විදියට....සර්කාරයාටත් මූව ගෙදර එක්කන් යන්න බැරි වුනාද ලකුණු අඩු නිසා වලං පිඟන් හෝදවගන්න....කෝප්ප හෝදන්න කොටා කොහොමත් දස්සයා...
අද කාලේ ගුරුවරුන්ගේ දඬුවම් සියුමැලි වැඩී....හරිනම් මුන්ට පුක හම යනකම් ගහලා කුණු ඇලවල්වල ගිල්වලා හදන්ට ඕන...යකෝව් ලකුණු පනහක් ගන්න බැරුව මොකටද මුන් ඉස්කෝලේ එන්නේ හැමදාම?...මූණයි කටයි පුකයි පෙන්නලා යන්නද?...
මම මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා ඩික්සන්ව කසාද බැඳලා මාමණ්ඩිගේ පහනින් දේශපාලන වේදිකාවට නැඟලා එතනින් නොනැවතී අධ්‍යාපන ඇමති දක්වා උසස් වෙලා....
අධ්‍යාපන ඇමතිතුමා රධීෂ් යෙවිංස සිල්වා උතුමාණන්...කොහොමද ඒ ගැම්ම...ඩික්සන්ව ගන්නවා මගේ සම්බන්ධීකරණ ලේකම් හැටියට...තඩියා ඩ්‍රයිවර්....ඌ හේසාන්ව පැද පැද ඉඳීද දන්නේ නෑ....කොටා මාධ්‍ය ප්‍රකාශක...ඌට කොහොමත් අඬලා දොඬලා නැති ඒවා වවලා කියන්න පුළුවන්නේ....
අර තහනම් කරපු හතේ පොත කෙල්ලෝ කොල්ලන්ගේ අතට එන විදියටම මම ඇමතිකමේ වැඩ කරනවා...ඕ යෑර්ස්!..අද දිනයේ ජාතික වීරයෙක් හෙට දිනයේ ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දුන් වගයි....මගේ නම ඉතිහාසයේ කොහේහරි ලියවෙන්නම ඕන...
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing