✨️42 කොටස✨️

9.4K 984 1.6K
                                    

මුකුලිත කුඩා බම්ලයි තීක්සන මහ බම්ලයි ගැන වද වෙවී ඉන්න වෙලා නැති නිසා මම වෙන බම්ලෙක් ගැන හිත හිතා ආතල් එකේ ගෙදර ගියේ..

මන් හිතුවේ ඩික්සන් බලු පුතා ගැන...මෙන්න බම්ලෝ....ඌ ගැන මම හිතන්න එපැයි..කවදාහරි මට කන්න බොන්න දීලා රකින්නේ ඌ....මගේ ලමයින්ගේ අප්පච්චි ඩැඩා වෙන්නේ ඌනේ...

හැබැයි එක කොම්සක් තියෙනෝ...ඌ ඔය ඔක්කොම කලත් මගෙන් ලිංගික අල්ලස් ගනී නේද?...අතපත නොගා අරහෙම නොකර අපිට ලව් කරන්න බැරිවෙයිත මෙයා?...මූට තියෙන්නේ පට්ට කැසිල්ලක්නේ අතපත ගාන්න ගියාම...

මගෙත් ලොකු අකමැත්තක් නෑ එව්වට...බොකු ඇඹරෙනවා ඌ කොරන ඒවාට.....කොල්ලෙක් වුනාම ඉතින් හෝමෝන සැරටම ක්‍රියාකාරී වෙනවනේ...හිතෙන කුණුහරුපවලට අත නොගාත් බෑ ඉතින්...

මට තියෙන අවුල ගෙදරින් එහෙම දැනගත්තොත් අම්මා කැමති වෙන එකක් නැති වෙයිනේ කසාද බඳින්න කලින් අපි එව්වා මෙව්වා සූටියට හරි කරලා තියෙනවා කිව්වාම.....

මට ඩික්සන් නැමැති අයව විවාහ කරගන්න ඇහැක් වෙයිද ස්වාමීනී?...

හිච්චි ආච්චි වුනත් අපිව කොන් කරයි...හේතු හාමියා වුනත් වපර ඇහෙන් දකින්න බැරි නෑ....මනුස්සයට තියෙන්නෙත් එක ඇහැයිද කොහෙද.....

ඩික්සන් ආරච්චිලාගේ තුනීලෑලී පුක්සන් යන පරදේසක්කාර ක්‍රීඩක තරුණයාගේ අසහනය දුරුවේවා කියලා අලුත්ම කොඩියක් ගේ වටේ එල්ල ගත්තා නම් බඩුම තමා....

එහෙම නොකර මද කිපුන වඳුරෙක් වගේ නටන ඌව මෙල්ල කරනවා බොරු.....සෞරග්‍රහ මණ්ඩලේ ගැන හිතුවත් ඒ හිතිල්ල ඩික්සන් ගාවින් නතර වෙන එක ලැබීමද කරුමයද කියා මම නොදන්නෙමි අසංක!

ලංකාවේ අසංක කියලා නම තියෙන එවුන්ට හචිං යනවා ඇති බරටම මන් මතක් කරන මතක් කිරිල්ලට...ඉතින් යකෝව් නයනිලටයි සඳමාලිලටයි විතරක් හචිං යන එක පට්ට අසාධාරණයි...ආහ් රංජනීත් ඉන්නේ...ඒ නම් ලැබුන එවුන් පට්ටම අවාසනාවන්තයි...හැමදාම හෙම්බිරිස්සාව නිව්මෝනියාව කිය කිය උන් ලෙඩ වෙනවා ඇති....

අන්තිමට උන්ට බේත් කරන්න වෙන්නෙත් ඩික්සන්ට...ඊට පස්සේ බේත් ගන්න ආපු ගෑණූ ඌට කෙල හලලා මගෙන් ගුටි කාලා ආපහු ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙන්න වෙයි....ආයෙම ඩිකා බේත් කරයි...ආයෙම උන් කෙල හලයි...ආයෙම උන් මගෙන් ගුටි කයි...සංසාර චක්‍රය වගේ ගුටි චක්‍රයත් කැරකෙයි....මාර කරුම!

රාධේ (Non-Fiction)Tempat cerita menjadi hidup. Temukan sekarang