✨️61 කොටස✨️

10.7K 1K 1.5K
                                    

හත්තිහුත්තයිනේ!!!

අම්මාට මාට්ටු කියන්නේ අතටම මාට්ටු...මේක සිහිනයක් නොවේ දම්සාරී....මේ තඩියගේ තඩි කට සද්දයි වෙලාවකට බෙලෙක්කෙට මී බෙටි වැටෙනවා වගේ.....

කවුද අම්මේ කොල්ලෙක් එක්ක යාළුවුන කොල්ලා...සිරිමත්ද අමරද?....කොළු ඉස්කෝලෙකට ගිහින් කොල්ලෝ එක්ක යාළු නොවී උන් එක්ක ජන්මාන්තර වෛරක්කාරයෝ වගේ ඉන්න කියලද ඔයා කියන්ටේ මයෙ අම්මාහ්?.....ඒක නම් රන්දික ටෙශාන් හයිබ්‍රිඩ් ටෝකක්......හික්ස්...

අපේ අම්මා හිටියේ T 56 බර අවියක් අමෝරගෙන ඉන්න තාලෙන්...මට ජොකා අස්සේ චූ නොගියා විතරයි රංගන මොහොට්ටිපාල!...

මන් තඩියාගේ උරහිසින් ඔළුව අහකට ගත්තා...අම්මා කෑවනේ වැඩේ...තඩියා දඩ බඩ ගාලා ටීවී එක ඕෆ් කලා...ඉස්තාලේ ගියාට පස්සේ අස්සයා වැහුවා වගේ වැඩක් හැබැයි තඩියා කලේ....තඩි මොලේ කනේරු අලයක් වෙලාවකට....

අම්මා ගිනි පිඹිනවා...මල පැන්නාම එයාගේ කට ලොක් වෙනවා...ඉතින් සුපර් ඕවරේ වගේ මට තඩියාගේ කණට ලන්වෙලා රහසක් කියන්න සූටි චාන්ස් පොඩිත්තක් ලැබුනා....

"අඩෝ අම්මාට මන් අධි රංගනයක් කරලා පෙන්නන්න හදන්නේ..උඹ සපෝට් එකක් දියන් බන් ඈ...."

මන් උගේ කණට කරලා වෙලාවේ හැටියට අම්මාගෙන් බේරෙන්න මාස්ටර් ප්ලෑනක් ගහන අතරතුරේදී තඩියා බෙල්ල හැරෙව්වා එකසිය ගානට වේගෙන්...

තව පොඩ්ඩෙන් උගේ තඩි තොල් පෙති විතරක් පලමු හාදුවෙන් තෙමෙනවා මගේ තොල් පෙති වලින්...ඊයා....මොනාද පකෝ කරන හිරිකිත වැඩ?...

මන් ඌව අහකට කලේ අම්මා ඇස් ලොකු කරන් බලා ඉද්දී...සිංහසීවලී වගේ...නෑ මේ වලියට බර සාමලී.....

මන් සිංහයාට බයයි අම්මියේ 🎶

"මොනාද උත්තෝ තෝ මේ කරන්නේ?...බලපන් ඇන්ටිගේ මූණේ හැටි...අහුවුනානේ අතටම....ඉවරයි...උඹ කියපන් ඕන ලබ්බක්...හැබැයි තෝ යාළු මා එක්ක එහෙම කියලා මාව අහු කරනවා නෙමේ....ගෙම්බා ගැහුවා වගේ ගහනවා තොගේ ඇට කුඩු වෙන්නම පොලොවේ...."

තඩියා දත් කූරු කකා අම්මා දිහා බලාගෙන මට බනිනකොට මට උගේ දත් කූරු හැපෙන සද්දෙත් ඇහුනා රංගන....තඩියා මෙහෙම දඟලනකොට මට දැනෙන්නේ කුරිරු කැම්‍රි සතුටක් කියහන්කෝ....හොඳම යාළුවා අවුලලා ගන්න පුළුවන් ආතල් එක ලංකාවට එකපාර ගිනි තියලාවත් ගන්න බෑ පගෝ!!....

රාධේ (Non-Fiction)Where stories live. Discover now