✨️82 කොටස✨️

6.2K 706 1.2K
                                    

මන් ඉණ වටේ තිබ්බ අරූගේ ගූ අත ගසලා දැම්මා අහකට...උගේ අතත් යකඩ වගේ....නහර පෑදිලා...එකක් පිපිරෙව්වා නම් හරි චක බ්ලාස් ඕන්‍ රීන් කට්ටුන් කුට්ටුන් කියලා.....

මන් කෙලින් හිටගත්තා...කොල්ලෙක් ගැහුවට මන් ස්ට්‍රේට්....කෙලින්....පිස්සු ගෙවල හිවලෙක් මැදට පැනලා මගේ ආදර ගමනට කකුල් හෙළුවනේ සඳමාලිගේ ආච්චිගේ නංගියේ!...

ස්ලෝ මෝශන් ඩික්කි ගාවට දුවලා ගිහින් ඌව බදාගෙන ඉඹලා කට කාලා නග්ගගන්න තිබ්බ චාන්ස් එක ගෙවල යකා කෑවා.....සමහර කොල්ලෝ සාපයක් සඳමාලී!...උන්ව පෘතුවියෙන් අතුගාලා දාන්න ඕන...හුම්...

මාව අල්ලන්න උඹට හයියක් කොහෙද රබ්බඩයෝ....මගේ ඉණෙන් ටච් කරන් හිටියේ කළු කෝට්කාරයා කියහන්කෝ....උගේ මූණ අමතක වෙන්න මන් මැරිලා ඉපදිලා ආයේ මැරිලා ආයේ ඉපදුනේ නෑනේ දම්සාරී....

පගයා හැන්ඩියෙක් තමා...අද ඌ කළු කෝට් උනාදාලා කොල්ලෙක් වගේ හිටියා....ඌ ඩෙනිමකට බොඩි හගින් ටී ෂර්ට් එකක් ගහන් හිටියේ...කනක් විදලා කරාබුවක් දාලා තිබ්බා....හොට් කොල්ලෙක්...ඩික්කි ඊට වඩා හොට්...ඌ හොට්ටස්ට්...ඉංග්‍රීසිත් පැටලෙනවා ඕයි....

මන් උගේ සර්වාංගේ චෙක් කරනකොට ඒකා කෙල්ලන්ගේ ජංගි තෙමන ඩැඩියෙක් වගේ මනමාල හිනාවක් මට දුන්නා...කැතයි ඕයි...මගේ නම් මොන ලබ්බක්වත් තෙත් වුනේ නෑ....මන් තෙත් කලාපේ කොල්ලෙක් නෙමේනේ.....දැන් මන් වියලි කලාපේ....

ඩික්කි පුතා සිද්දිය ඇහෙන් දැකලා නම් මාව තෙමෙයි...චූ යයි අනිවාර්යයෙන්ම....අන්න එතකොට මන් තෙත් කලාපීය කැකුලෙක් වෙනවා සාන්ත!

මන් ඌට හිනාවක් තියා පනාවක්වත් දුන්නේ නෑ...මැද ඇගිල්ල උස්සන්න හදලාත් මට නම්බුවක් තියෙනවනේ ඒක කාගන්න හොඳ නෑ මේ අවුරුදු කාලේ කියලා හිතලා මන් ඉවසුවා පපුව පුරෝලා දඩාර හුස්මක් අරගෙන....

අරූගෙන් අහකට වුන ගමන් මන් හොරේන් බැලුවේ ඩික්කි පුතා හිටපු දිහා...උගුරේ සෙම වේලිලා ගියා කියන්නේ අත පය හත් පනේ කිරිහාමිගේ වගේ සීතල වෙලා ගිහින් තිබ්බා...

මේ මිනිහාගේ තියෙන පොසෙසිව් ගතියේ හැටියට මාව හංගලා මරලා ඒ ගැම්මටම කෝට්කාර උතුමාණන්ටත් වහ කාලක් පොවන්න බැරි නෑ....ඊට පස්සේ අපි දෙන්නටම බැරියැ භූතයෝ වෙලා ඉහල අවකාසේ සැරිසරලා මැරිලා වැටෙන්න....

රාධේ (Non-Fiction)Donde viven las historias. Descúbrelo ahora