✨️02 කොටස✨️

11.5K 1.3K 1.1K
                                    

ජාලිය මට තහංචි දැම්මට මම හැරිලා බැලුවා...ඒත් අංශක අනූවක් හැරෙනකොට හෙනහුරෙක් කඩාපාත්වුනා... අපි ලඟට පිපෙට්ටුවෙක් ආවා...

ඉස්කෝලයක් රන් කරන්න බැජ් ගහපු හාල්පරුවෝ ඕනමද?...පූරුවේ කරුම කියන්නේ නිකම්ද?...

"වටපිට බලන්නේ නැතුව දීපු වැඩේ කරපිය...උඹගේ පරණ ඉස්කෝලේ කෙරුවාවල් මෙහේ සුම්මා මල්ලී...."

එකම තැටිය...කණ කීන් ගානවා....කලින් මුන් ගැන බයක් වැරදිලාවත් හිතුනා නම් දැන් ඒ බය හොයාගන්නත් නෑ....පඩේකට මම ඕකුන්ව ගනන් ගන්නේ නැත්තේ ඒකනේ....

"විසාල කරදරයක් වුනානේ මේක....හරි අයියා...තේරුනා...සොරී..."

මගේ කට කාඩ කඩක්...ඉතින් කට කොනකින් හිනාවෙලා නලලට වැටුන වාත කෙස් රොදක් අයින් කරනගමන් මම කියපු කතාවට අයියාව ලොක්වෙලා ගියා....

ඌ මට රවලා බලලා ඇහෙන නෑහෙන ගානට කුණුහරුපයකුත් කියාගෙන ගියා...උන්ට වඩා කුණුහරුප මම දන්නවා...තාම රාධේගේ අධෝමුඛය මුන් දැක්කේ නෑ...

මට පේන්න බෑ බලෙන් ඇඩ් දාන මුන් වගේ එවුන්ව කොහෙත්ම...තාම ඉස්කෝලේට අඩිය තියලා පැය බාගයක් ගියේ නෑ..දැනටම මට එපා වෙලා....

කරුමයක් තියෙනවා නම් පටිසන් දෙනවාමයි කියලා අපේ ආච්චිත් නිතරම කියනවා...මට වෙලා තියෙන්නෙත් ඒකමයි....ඒකෙන් මේකෙන් අර පට්ට වොයිස් එක තිබ්බ ඩයල් එකේ මූණත්තහඩුවත් බලාගන්න බැරිවුනා....

"උඹ මොකටද මට හැරෙන්න එපා කිව්වේ?...මන් බලන්න හැදුවේ කඩ්ඩෙන් කොටන ෆොරීන් ඩයල් එක මොකෙක්ද කියලා...උඹලගේ එවුන්ගේ කඩ්ඩ ශාප්නේ බන්...උඹ විතරක් කොහොමද වෙනස් වුනේ?...ඇත්ත කියපන් උඹ ඉස්කෝලේ එනවා කියලා බොරු කියලා කට්ටි පැන්නා නේහ්?....කියපන් කියපන්..."

මම ඇගිල්ලකින් ජාලියගේ ජොල් බඩට ඇනලා අහනකොට කේන්තියෙන් තඩි මූණ රතු වෙලා ගියා කියහන්කෝ.....

"අනේ උඹට අමු කැවිලද?...ඒ කටහඬේ ගැම්මෙන්ම තේරුනේ නැද්ද මොකාද කියලා...මම උඹට කිව්ව අයියා තමා ඒ...ඩීන් කියන්නේ ඌට කියන නික් නේම් එක....උගේ හරි නම ආරව් ඩියෝන්...ඌ බර්ගර්..එන්ග්ලිශ් මීඩියම් ඉගෙන ගන්නෙ...ඉතින් යකෝ ඌට ඉංග්‍රීසි බැරි වෙයිද?....උඹ අපි වගේ අපතයෙක් නෙවේ ඒකා....ඌ හෙන පොශ් පොරක්..."

රාධේ (Non-Fiction)Donde viven las historias. Descúbrelo ahora