✨️76 කොටස✨️

9.1K 850 1.5K
                                    

ඔක්කොමත් හරි සිඟිති මැච් එක පටන් ගන්න හා හා බුරා කියලා අපි පොල්තෙල් සමඟ භූමිතෙල් කවලම් කරලා පහනක් පත්තු කරලා ජාතික ගීය කිව්වේ සීරුවෙන් හිටගෙන....ඊට පස්සේ පහන පුපුරලා අපිව අවකාශයට මුසුවුනා...

හික්ස්...පිස්සු හැදෙයි...ඒ විගඩම් මොකටද බාල වර්ගයේ පිස්සු උත්තෝ දායක වෙන හැටනම වන සියවසේ ටහිකෙන මැච් එහෙකට.....

මන් ඉතින් යන දේවාලෙක සයිඩ් බෑග් එක අරන් යන පොරක්...මන් ඒක ඇතුලේ දාගෙන ආවා බඩ්ඩක්...ඒ කොන්ඩම්ස්....නෙමේ...අයියා මට මුලින්ම දීපු ජර්සි එක....

මන් ජර්සි එක අතට අරන් ඒ පිටිපස්සේ ප්‍රින්ට් වුන නම උඩ ඇඟිලි අරන් ගියා....ඒක හරි ලස්සනම නමක්...වාසනාවන්ත අංකයක්....මන් ආදරේ කරනම කොලු නම....

Arav
07

මට පිස්සුද කොහෙද?.....උඹ නිසා මන් පිස්සෙක් වෙලා අයියේ....හැබැයි ආතල් හුරතල් කටකාර පිස්සෙක් හොඳද?.....ආහ් සූඳ ගහන එකෙක්....

ආරව් මට උඹව නැතුව හරි පාළුයි අයියේ...සිරාවටම පට්ට පාළුයි උඹේ කඩ්ඩ අහන්න නැතුව....මෝඩ සිංහල වචනත් ඇහෙන්නේ නැතුව කන පාළුවට ගිහින් බන්....

මගේ කචකචෙයි හිනාවයි නවත්තන්නේ නැතුව ඉන්න කියලා උඹ මට නිතරම කිව්වා...ඒ වුනාට ඒක හරිම අමාරු වැඩක් බන්....ඒත් උඹ වෙනුවෙන් මන් එහෙම කරන්නම්....මට පුළුවන්....

උඹ වෙනුවෙන් ලමයි විස්සක් බඩට අරන් ගැම්මෙන් ඉන්න මට ඕවා මොනාද?...මන් ඇවිල්ලා ජාතියේ ගරු බුහුමන් ලබන ජාතික වීර පුත්තරයෙක්.....අනාගත මැටි ඇමටියෙක්...

ඒත් මට සුට්ටක් දුකම දුකයි ඉතින්...සුට්ටම සුට්ටයිලු හැබැයි....බෑනේ සඳමාලී මේක කරන්න.....ඕන් ඕන් කඳුලු පගයෝ ඇක්ටිව් වෙන්න හදනෝ දැන් නම්.....

උන් ඇක්ටිව් වෙන්න කලින්ම මන් උන්ගේ ඇඩ්මිශන් කපලා දැම්මා...දවසක් දෙකක් උන්ට ගලන්න දුන්නා කියලා හැමදාම චාන්ස් දෙන්න බෑනේ හාන්දුරුවනේ!

ඌ නැති මැච් එකක් පරිප්පු නැති ශැන්ග්‍රිලා එක වගේ හින්දා මන් ජර්සිය අරන් ආවා....ඒක මන් හෝදලා සුවඳ ගගහා අරන් තිබ්බේ....හරී සුවඳයි...

රාධේ (Non-Fiction)Where stories live. Discover now