සිරිවර්ධන සර් එනවා දැකපු ගමන් මට පපුවට පිහියකින් ඇනගන්න හිතුනා.. ඇයි යකෝ අදම ඒකත් මේ දැන්ම...එයාගේ අතේ වේවැල නම් වරදින්නේ නෑ...
ටෞකන්ඩ!!
මෙච්චරකල් ඒ මනුස්සයාට නෝට් වෙන්නේ නැතුව ආතල් එකේ හිටියා...අද මේ යක්ස මිනිහාට මාව පෙනෙයි....දැන් මේ කඩපු බඩුවලටත් ගෙවන්න එපැයි... වේවැල් පාරත් කන්න වෙයි පුක හම යන්නම....
අයියෝ සල්ලී!!!
මේ අහිංසක කොල්ලාටම ඇයි දෙවියනේ මෙතරම් දුක්...පෙරේත තට්ටුවෙන් අර බිමලයා කෑම උස්සපු එකේ වස් වදින්න ඇත්තේ මට....ඕකා තමා මේ සේරටම මුල....ඌව ඇතෙක් ලවා පාගවන්න ඕනා...
ඒ අලකලංචි මැද්දේ ඩීනයා මඟේ ඇඟිල්ල උරනවා පොඩි පගයෙක් අම්මාගෙන් කිරි උරන තාලෙට....
ලේ පයින්ට් එකක්වත් මේකා උරලා ගන්න ඇති...දැන් විනාඩි පහක් තිස්සෙම මගේ ඇඟිල්ල උගේ කටේ....
අම්මේ ඔන්න අද සුදු පුතා සුද්දෙක්ට ලේත් දුන්නා..දැන් අර චීන කටු ගහන් ලේ දන් දෙන කෑම්ප් වලට යන්න ඕන නෑ....
හරි සනීපයි ඌ මගේ එක කටේ දාන් උරද්දී! මන් කිව්වේ ඇඟිල්ල...
හුටා!..මූ අද දත් මැදලා දිව හෝදලාවත්ද ආවේ දන්නෙත් නෑ...ඕක අහන්නත් බෑ...දත් මැදලද කියලා බලන්න ඕකට ලන්වෙලා ඌව ඉව කරන්නත් බෑ...ඔක්කොමත් හරි මන් බල්ලෙක් ඈ අහක යන කොල්ලන්ව ඉව කරන්න....
ඒ වුනාට මට ඩික්සන්ට කියන්න කුනුහරුපයක්වත් කටට ආවේ නෑ කියහන්කෝ..
අකලංකයා ඇස් කටේ දාන් ඩීන් උරන ඇඟිල්ල දිහා බලා ඉන්නකොට පක්විති හේශාන් නිර්වානයා එක්ක බඩ තඩියා බිම හතර අතේ විසිරිලා තිබ්බ වීදුරු කටු ඇහිදින්න පටන් ගත්තේ බරපතල වැඩ සහිතව හිරේ ගියපු හිරකාරයෝ ටිකක් වගේ..සුදු ඇඳුමට කළු ඉරි විතරයි අඩු.....
සක්විති අඬනවා...දැන් කැඩිච්ච ලබ්බවල්වලට සල්ලිත් ගෙවපන්කෝ...මට ඇති හුල්ලියකුත් නෑ ගෙවන්න...මාර කරුම යකෝව් මේවා!
ඌ තමා පැනගෙන එමුයි කීවේ ගෑණු බලන්න... පරසක්විති කොටා...දැන් බොරුවට අඬනවා මිනිහා මැරුණු ගෑණී වගේ....
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing