"රධීෂ්..ඔහොම හිටුකෝ බන් කඟවේණා වගේ දුවන්නේ නැතුව...රෙද්දේ රෙවෙන්නද යන්නේ තොගේ?..මට බෑ බන් උඹේ වේගෙට දුවන්න...උඹ ඇණයක් යකෝ....පරාල ඇණයක්....හිටපාන්...."
මගෙ පිටිපස්සෙන් කෑ ගහගෙන එන්නේ ටකරං වොයිස් එකක් හිමි මගේ අඹ මිතුරා ජාලිය...ඌට මන් කියන්නේ පිංතාලිය කියලා...ගැලපීමක් නෑ කියලා නම් දන්නවා ඒත් මම කියනවා නවත්තන්නේ නෑ....
ඒ මදිවට ඌගේ ඇඟ මහත වැඩී...අඩි දෙකක් දිව්වොත් තව දහයක් යනකම් මේකා හති අරිනවා....මූ එක්ක හයික් එකක් නම් මලාට යන්න බැහැ...මම කන්ද මුදුනේ ඉන්නකොට මූ කන්ද පාමුල හති ඇර ඇර ඉදී....
"රෙද්දේ රෙවෙනවා නම් මම ටොයිලට් එකට පකෝ යන්නෙ...ඉස් ඉස්සෙලාම අලුත් ඉස්කොලේට යන්න උඹ වගේ එවුන් ලෑස්ති කරගන්නවට වඩා හොඳයි මමම තනියම යන එක....අපේ ගෙදර මිනිස්සුන්ටවත් මාව එක්කන් යන්න බැරිවුනානේ...බස් වල ගාටපන්කෝ දැන් ඉතින්...."
අද වැස්සේ තෙමීගෙන මායි මගේ අඹ ගෙඩියයි යන්නේ මට අබ සරණක්වත් නැතිවෙන මගේ අලුත් ඉස්කෝලෙට යන්න බස් එක අල්ලගන්න...මම මගේ පරණ ඉස්කෝලෙන් මාරුවෙලා ආවා මූ යන කීර්තිමත් ජනප්‍රිය පාසලට....
මාරු වුනා කිව්වට මාරු වුනාමත් නෙවේ...මාරු වෙන්න සිද්ද වුනා කොල්ලෙක්ට තොල පැලෙන්න ගහලා....මම ඔහොම හොඳ වැඩක් කරපු පලවෙනි වතාව නෙමෙයි ඕක...
ඌ මට අනන් මනන් කියාගෙන ආවා කාලයක් තිස්සේ ඒකත් මේ කෙල්ලෙක් නිසා...ඉතින් මම ඌට නෙලුවා....පොඩිවත් දුකක් නැහැ මට...චීත්ත පක්කුන්ට ඔහොම වෙලා මදි...මට කෙලවනකම් බලා ඉන්නේ නෑ මම....
ඌ මට නෙලන්න ඉස්සර අපේ තාත්තා මගේ ඉස්කෝලේ මාරු කෙරෙව්වේ මට කණ පුරවලා දොස් කියන ගමන්....හැබැයි මේ පුතාට ඔය වගකීම් නෑ...මට අවුලක් දැම්මොත් මාත් අතාරින්නේ නෑ....
තාත්තාට ඉතින් එයාගේ නම ගෞරවය රකින්න එපැයි...එයා බැන්කුවක ලොක්කෙක්....එයාට ඕන මම සාන්ත දාන්තව ඕලෙවල් ගොඩ දාගන්න එක....
වැඩේ කියන්නේ අදම වහින්න ගත්ත එක...කුඩයක් ගේන පුරුද්දක් මට ඇත්තෙම නෑනේ...දැන් ඉතින් ඉස් ඉස්සෙල්ලාම දවසේ ඉස්කෝලෙට යන්න වෙන්නේ තෙමිච්ච කුකුලෙක් වගේ තෙමීගෙන...මාර කරුම මේවා නම්....
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing