"මොකෝ?.."
ගහගන්න වගේ පපුවට අත් බැදන් මම උගෙන් අහනකොට ඩීන් එලියට ගියේ මට ඌ පස්සෙන් එන්න කියලා අඟවමින්...මම අර හේශාන් කොල්ලා දිහාත් බැලුවා...ඌත් මට ඔලුවෙන් ඩීනාව පෙන්නලා ඌ පස්සෙන් පලයන් කියලා පෙන්නුවා....
ඩීන් කෙලින්ම ගියේ එහා පන්තිය ඇතුලට...මාත් ගියා ඉතින් ඕන මගුලක් වෙද්දෙන් කියලා....ඒකේ කොල්ලෝ තිහක් විතර හිටියා...
උගේ ක්ලාස් එකට ගිය ගමන් මට කාරණා දෙකක් ඔලුවට වැටුනා...
තේරුම් ගිය පලවෙනි කාරණාව නම් එහා පන්තියට ආපු චණ්ඩි මුන් ටික කියන එක...අපිට තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්සාවයි....
දෙක තමා පකලංකයා ඉන්නෙත් මේ පංතියේ කියන එක...ගොනා පසුපස එන කරුමය වගේ මූත් මගේ පස්සෙන්මනේ....
"අඩෝ!!..මේන් වැඩක් සියුමැලි මෙහේ?...what a nice surprise.."
පකලංකයි තව කොල්ලෝ ටිකකුයි පිස්සො වගේ හිනාවෙනකොට මම උන්ට මැදැගිල්ල උස්සලා පෙන්නුවා....රෙද්ද උස්සලා පෙන්නන්න බෑනේ කරුමෙට....සායක් ඇඳපු කෙල්ලෙක් වුනා නම් අම්මපා මම උස්සලා පෙන්නලා....
"Who the fuck is Siyumali?...Aka do you know this bugger?..."
ඩීනා ගියපු ගමන්ම ඩෙස් එකක් උඩ වාඩිවුනේ මාෆියා රජෙක් වගේ ස්ටයිල් එහෙකින්...ඌද මෙහෙ ලොක්කයියා.....චුවින්ගම් හප හප කකුල් දෙක දෙපැත්තට විහිදුවාගෙන...අත් දෙකෙන් ඩෙස් එකේ දෙපැත්ත අල්ලගෙන...
මේ පකයා හිතා ඉන්නේ ඌ ටැමිල් ෆිලුමක ඉන්න නළුවෙක් කියලද මන්දා....මොනා වුනත් ඌට ලුක් එකක් තියේ....ඌට වඩා මම හැන්ඩියා....
"ඩීන්..මූ මට සද්දේ දැම්මනේ ඊයේම...කිසි ගරුසරුවක් නැති එකෙක්...සෙන්ට්‍රල් එකෙන් මේකව පන්නලා...වලි කාපර්ලු...අපිව බය කරන්න රවන්න නම් මූට පුළුවන්.....ඊයේ රෑ යකෝ මූට බයවුන පාර මම නිදාගත්තෙත් ශීට් එක ඔලුවේ ඉඳන් පොරවන්...."
පකලංකයා නරි නාටක පෙන්වනකොට සෙසු නරි හූ කියන්න ගත්තා....
"අනේ උඹ හිවල් කතා නොකියා ඉඳපන් අයියේ...මමයි අස් වෙලා ආවේ...අද රෑට උඹ හොඳට පෙරවන් ඇඳ යටට ගිහින් බුදියපන් අයියේ... මම හීනෙන් ඇවිත් බොගේ බෙල්ල මිරිකන දවස වැඩි ඈතක නෙවේ......හික්ස්...."
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing