✨️31 කොටස✨️

15K 1.4K 1.9K
                                    

මම ඩීන් ගාවට දුවලා ගියා....කොල්ලෝ ඔක්කොම එකතු වෙලා රාක්කේ ඉස්සුවා...තඩියායි හේශානුත් දුවන් ආවා ගෙනාපු බීම බෝතල් ටික පැත්තකින් තියලා....

මගේ හිත ඇතුලේ මට නොතේරෙන මොකක්දෝ කලබගෑණියක් වෙනවා...ඒක කලවැද්දන්ගේ විදුලි ආඳාන්ගේ ගැටුමකට එහා ගියපු මම අකමැති විදිහේ හැඟීමක්..

මට අප්සෙට්!

වාසනාවට ඩීන්ගේ දකුණු අත විතරයි ලබ්බේ රාක්කෙට යටවෙලා තිබ්බේ...ඇති යන්තම්....අනේ මන්දා වෙන කිසි බල්ලෙක්ගේ අමාරුවකට අනේ අපොයි කියපු නැති මම ඩීන් නිසා කම්පා වෙනවා...ඌ මට මොකක්දෝ කොඩි විනයක් කරලා...ඌ මට මුලින්ම දීපු කිට් කැට් එක තමා කෙලෙව්වේ මට...

ඔයාගේ සුදු පුතා පරසුද්දෙක් නිසා විලිසංගේ නැති වැඩ කරන්නයි හදන්නේ අම්මේ! මට සමාවෙන්න අම්මේ...හැරෙන්න බැරි තරම් දුර ඌ මාව ගෙනියනෝ....මාත් සැජ්ජ නැතුව යනෝ....

මම අත් මිට මොලවන් ඇස් රතු කරන් අනික් කොල්ලො ඩීන්ට වාඩිවෙන්න උදව් කරද්දී බලා හිටියා.....ඌට උදව් කරන්නවත් සිහියක් මට තිබ්බේ නෑ...ඔව් මම අමු තිරිසනෙක්!..

"මචං උඹට කොහොමද?...ලොකු අමාරුවක් තියෙනවද?....මේ වගේ ලොකු රාක්කයක් බිත්ති වලට කොන්වලින් ඇටෑච් කරලා තියෙද්දිත් වැටුන හැටිනේ පුදුමේ...ඒක අඩමානෙටත් නෙවේ තිවිලා තියෙන්නේ....මාර වැඩක් තමා වුනේ...අපි එකෙක්වත් ඒකේ හැප්පුනේවත් නෑනේ.."

නිර්වානයා සීරියස් මූඩ් එහෙකින් ඩීන්ව නැගිට්ටන ගමන් කියද්දී මම දැක්කා ඩීන් දකුණු අත හොලවගන්න බැරුව වගේ හිටියා...

උන් හැමෝම උගේ දුක සැප අහද්දී තඩියා පවා එතනට ගියා...මන් ගල් ගැහිලා ඔහේ ඌ දිහා බලාගෙනම හිටියේ ටිකක් ඈතින්...කිසිම එකෙක් දුක් වෙනකොට අඬනකොට උන්ව සනසපු එකෙක් නෙවේ මන්...උන්ට අඬන්න උරහිසවත් හොටු හූරන්න කමිසෙවත් දුන්නේ නෑ මන්...ඈක්කා..ඒවා නම් මහ හිරිකිත වැඩ....

කොටින්ම අඬපු එවුන්ටත් එව්වා මෙව්වා කියලා උන්ගේ මොල කාපු සොම්බියෙක් තමා වාඩියවත්තේ රාධේ...ඒ වුනාට ඩීන් ඉන්න හැටි දැක්කාම දෙපැත්ත කැපෙන කතාවක් කියන්න මට හිතුනේ නෑ....

රාධේ (Non-Fiction)Where stories live. Discover now