ඩාන්සින් රූම් එකට යනකම්ම තඩියා මට බනිනවා...මම ඌට බනිනවා...ඒකෙත් ආතල් එකක් තිබ්බේ නැත්තෙම නෑ හැබැයි....ඒත් මම හිටියේ නප්පෙට තද වෙලා...
තඩියා අර ට්‍රැවලින් බෑග් එකත් කරේ තියන් මාවත් එක අතකින් ඇදන් පොඩි එකාව එක වසරට දාන අම්මා වගේ එක්කන් යනවා ඩාන්සින් රූම් එකට...
මම මරන්න ගෙනියන හරකෙක්ටත් හපන්...නාහෙන් අඬනවා....මගෙන් කුණුහරුප පිටවුනා මැශින් ගන් එකෙන් වෙඩි තියන තාලෙට....පැය බාගයක් ඇතුලත කියපු වැඩිම කුණුහරුප ගානද මන්දා අද කිව්වේ.....ලෝක වාර්තාවක්!
මට බෑ යකෝ...මට කෙල්ලෙක් වෙන්න බෑ...ඩීන්ගේ කෙල්ල වෙන්න කොහොමටත් බෑ...තඩියගේ නංගි වෙන්නම බෑ....පූරුවේ කරුම....
මම අර පයියලටයි මේ තඩියටයි ණයක් වෙන්න ඇති ගිය ආත්මේ...ඒ ණයට පොල්ල තිබ්බ නිසා වෙන්න ඇති මෙහෙම වුනේ මට...ඇයි මම උන්ගෙන් ණය ගත්තේ බැංකුවකට ණය නොවී..?....සාන්ත මට බැරියෝ!!!
අපි ඩබල අමාරුවෙන් කොටාව පන්තියේ තියලා ආවේ....ඒ පගයාත් එන්න ඕන කියලා මැරුනේ නැති ටික විතරයි...පක්විති වගේ පගයෙක් හැම සෙට් එහෙකම ඉන්නවා....
සෙන්ට්‍රල් එකේ ඉන්න කාලේ නමය වසරෙදි සෙට් වුනා මට ඒ වගේ දොන්ත ඩයල් එකක්...ඌ මට නමයම නපුරු කලා....මම උගේ දත් බාගයක් කැඩුවා අම්බානෙක මල පැනපු දවසෙක....
"උඹව නම් මකවලාවත් හදන්න බෑ රාධේ...දමිත් සර් කිව්වනේ එදා මේ මගුල කරන්නම වෙනවා කියලා...මම හේශාන් අයියට කිව්වා උඹව බයිට් කරන්න ඔට්ටු නෑ කියලා...එහෙම කලොත් මාත් අයින් වෙනවා කිව්වා.....ඌ දහ අතේ කිව්වා බයිට් කරන්නේ නෑ කියලා..මට ඌව ශුවර් වෙන කාව නැතත්..."
හේසාන් හේසාන් හේසාන්!...වචන දහයකින් අටක්ම ඒ නම...ඌටත් මූ නැතුව බෑ වගේ...මට ප්‍රශ්න වැඩීනේ...නැත්තම් මම හොයනවා උගෙයි මුගෙයි පලහිලව්ව....
"ආආආආ!!...ඌ බය වෙන්න ඇති ඩයස්ව නැති වෙයි කියලා නේද?....උඹ අයින් වෙනවා කිව්වාම ඌට රිදුනද?...උන් මාව බයිට් කලොත් මම කට පුක පියන් ඉඳීද හිවලෝ?...තෝ මන් වෙනුවෙන් උන්ට පච වෙන්න ඕන නෑ....මගේ පපුවත් රිදෙනවා ඕයී කෑ ගහලම...."
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing