ඒ ඩීප් වොයිස් එක හීනෙන් වුනත් මට හුරුයි ඉතින්.....මම ඇස් පිහදාලාත් බැලුවා ඇවිත් හිටියේ ඇත්තටම මගේ සැමියාමද කියලා සැකහැර ගන්න....
ඔව් ඇවිත් හිටියේ ඩික්සන් ආරච්චිලාගේ පුක්සන් උතුමාණන්ම තමා මල් මල් නයිටියක් ඇඳන්!!!!
නෑ ඒ බොරු...ඒ හැන්ඩ්සම් කොල්ලම තමා හැබැයි නයිටිය ඌ ඉස්පිරිතාලෙ තියලා ඇවිත්...තව ජුන්ඩෙන් රාධේ කොල්ලාගේ කට දෙපැත්තෙන් කෙල දියඇල්ලක්ම වැක්කෙරෙනවා ඌව දැකලා...ලැජ්ජාවෙන් බාල්දි කීයද මන්දා....
මම ඌව දැකලා ගල් ගැහුනා කියහන්කෝ..ඌ අඟලක් දෙකක් උස ගිහින්දත් මන්දා නොදැක හිටපු එක දවසට...මන් ගල් ගැහුනේ අම්මා දීපු සපත්තු දෙකේ කොහොල්ල ගෑවිලා නිසාවත් සිමෙන්ති නිසාවත් නෙවේ කලවැද්දෝ ටික කතාවෙලා රාධේව ගල් පිලිමයක් කලා...
අර පොඩි කාලේ අපි සෙල්ලම් කරන්නේ වන් ටූ ත්‍රී බම්බලපිටිය හෝල්ට් වගේ මොංගල් සෙල්ලමක්...එකෙක් හැරෙද්දි අනික් වුන් ගල් වෙන්නේ..ඒ වගේ ඩික්සන් ඩ්‍රෙසින් රූම් එක ඇතුලට එද්දී මාත් ගල් ගැහුනා...
ඌ අද පට්ට හැන්ඩ්සම්...උගේ ලස්සන කියන්න හෝඩිය මදි...ඌ දුඹුරු පාට බ්ලේසර් එකට මැච් වෙන ට්‍රවුසර් එකක් ඇඳලා බ්ලේසර් එක ඇතුලට සුදු ෂර්ට් එකක් ඇඳලා ගැලපෙනම ටයි එකක් දාලා බූට්ස් දාලා කොණ්ඩේ ලස්සනට හැඩට පීරලා එනකොට උගේ දුඹුරු ඇස් මට වෙනදට වඩා කැපිලා පෙනුනා...
ඌ සූට් එකට මැච් වෙන්නම දුඹුරු පාට වෙළුමකින්ම අත බෙල්ලේ එල්ලන් හිටියේ....ඒ අඩුපාඩුව තිබ්බත් මට වෙනස් විදියට ඒ ගැන හිතුනා කියන්නේ ඌ හොට් ඇන්ඩ් සෙක්සි කියලත් මට හිතුනා එහෙම ඉද්දී....
රාධේ තෝ මොකටද සාපරාධී සිතුවිලි හිතන්නේ...ආබාධිත කොල්ලෙක්ට සෙක්සි කියන්න තරම් මගේ ඔළුව කොහේවත් වැදුනේ නෑනේ...
මට ගහගන්න හිතුනා මගේ කණට එකක් ටාර් ගාලා...ඒත් දිග කොණ්ඩෙන් කන් වැහිලා නිසා මට කණට ගහගන්න විදිහකුත් නෑ....බලන්නකෝ ඒකෙත් හැටි...කෙල්ලන්ට කන් ඇහෙන්නේ නැත්තේ උන්ගේ කොණ්ඩ දිග නිසා වෙන්න බෑත....
එක්කෝ මට මෙහෙම හිතෙන්නේ මම කෙල්ලෙක් වගේ ඇඳන් ඉන්න හින්දද කොහෙද....කෙල්ලෝ කොල්ලන්ගේ හොට්නස් එක ගැන හරීයට වද වෙනවනේ....උන්ට වෙන වැඩක් නෑනේ කොහොමත්....
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing