✨️39 කොටස✨️

12.8K 1.2K 1.8K
                                    

අකලංකයා අහපු අයියලා සම්බන්ධ පැනයට මම සුදුසු පිලිතුරක් දුන්නා....අයියලා කිව්වාම මට කවුද බෝයි එකේ අයියලා හතරදෙනාවත් මතක් වුනා...ජුණ්ඩයියා...මොටයියා....බණ්ඩයියා...සිමයියා...බෑනේ කොරන්ඩ හතර අතේ දුවන් යන මගේ හිත නිසා.....

"ඩික්සන්...සිංහලට ට්‍රාන්ස්ලේට් කලොත් ජුණ්ඩුපුතා...හික්ස්...මටත් මොංගල් බන්...ඩික්සන් කියන්නේ සැමියාට හොඳද...මගේ සැමියාට හෙවත් ඩීන් කොල්ලට...ඉතින් ඌ වයස අනුව මට අයියා...නෑකම අනුව අයියා...ඒත් බැඳීම අනුව සැමියා විතරක් නෙවේ මගේ ලමයි පස් දෙනාගේ සුදු අප්පච්චි...මට ඌව දැනෙන්නේ ලමයිනේ ඩැඩා හැටියට...උඹ ඕපදූප හොයන්නේ නැතුව කේලම් බෙදන්නේ නැතුව මගේ පොඩි එවුන්ට ඩේ කෙයාර් එකක් හෙව්වා නම් නාකද පකලංක අයියේ....ලොකුවට සල්ලි යන එකක් හොයන්න එපා ඈ....ඩීන්ගේ ක්‍රිකට් සල්ලි ඒවටම යට කරලා බෑනේ බන් අයියේ.....ලාභ එකක් හොයපන්....එහෙනම් කොල්ලෝ අපි ගියා...."

කට කොනකින් හිනාවෙලා මන් ඒ විකාර බූත කතාව කියනකොට අකලංකයා මන් දිහා බලා හිටියේ හොඳට හිටිය එකාට මක් වුනාද වගේ බැල්මකින්...ඔහොම තමා අයියේ පවුල් පන්සල් වෙනකොට...

උඹගේ ඇඟෙත් කලවැද්දෝ දුවන දාට උඹටත් තේරෙයි මට වෙලා තියෙන වින්නැහිය....උඹේ ඇඟේ නම් තලගොයි දුවන්න ඕන....

අනික් ඔක්කොම මසියලා ටික මගේ පැටවු ගැන රහස කැන්ටිමේදී දැනගත්තා පර කොටාට පිං සිද්ද වෙන්න...ඌට ලඟදීම පින් අනුමෝදන් කරලා මම බිමලා වෙනුවෙනුත් බලු කපුටු දානෙකුත් දෙනවා...අකලංකයා විතරක් නොදැන ඉන්න එක හරි නෑනේ මස්සිනා කෙනෙක් හැටියට ඩික්සන්ගෙයි මගෙයි දරු පවුල ගැන...

"රාධේ උඹට හැම එකම විහිලුනේ බන්...උඹ ඩීන්ට සිරා ලව්ද?..."

ඔන්න ඉතින් ටහිකෙන කතා අහනවානේ මූ....මාව පොඩ්ඩක් තෝන්තු මාන්දු ෆුල් හොල්මන් වුනා...මොලේ හෙල්ලිලා හිත ගැස්සිලා මයිල් කෙලින් වෙලා ඇඟ ඇතුලේ ගැඩවිල් පණුවොත් නැටුවා...

"උඹට මොකටද බන් ඒක?...ඒලෙවල් වලට ඒ ප්‍රශ්නත් අහනවද?...බලපන් නූතන අධ්‍යාපනේ දියුණුව....."

මම ආතල් එකක් හීනියට ගත්තා...ඕනවට වඩා යම් සාකච්ඡාවක් බරපතල වන කල්හී මම බලන්නෙම කතාව අනික් පැත්ත ගහන්න විහිලුවෙන්....එතකොට මට හිතෙන හරිම දේ කාටවත් ගෙස් කරන්න බෑ....

රාධේ (Non-Fiction)Where stories live. Discover now