✨️44 කොටස✨️

8.4K 976 1.8K
                                    

මගේ පස්සෙන් අඩියට දෙකට ආපු ඩික්කයියා මට කණ කීන් ගාන්න කණට පාරක් ගහලා ඇහැක් නිල් කරලා බෙල්ලෙන් අල්ලලා කපුටෙක්ට කන්න දැම්මා කියහන්කෝ...බලපන්කෝ මිනිහෙක් වයිෆ් කෙනෙක්ට කරන ඒවද මේ සතා මට කලේ කියලා....

මන් ඔය මිනිහාට මාව අනාථ කලා කියල බොරු නඩුවක් දාලා පුක තව තුනී කරලා වම්බොට්ටාගෙන් මෝජුවක් හදනවා...හුම්....

මෙහෙමයි ඩිකාගේ මූණ දැක්කට පස්සේ ඔහොම සීන් එකක් වේදෝ කියලා ලාවට හිතුනත් වුනේ නෑ කියහන්කෝ.....ඕවා මන් අතිශෝක්තියෙන් හිතපුවා....හිතුවා නෙවේ ඉබේම හිතුනා ඕයී...ඌ මට කරපු ලබු ගෙඩියක් නෑ....තවම....

මම අකිලයියා ගාවම හිටියේ උප්පත්තියෙන් ඌට දෙබිඩි වුන වෙන අම්මෙක්ගේ බඩින් උපන් උගේ නොවුනත් උගේ වුන සහෝදරයා ගානට...දෙබිඩි බඩ වෙනවා තව සුට්ටෙන්....

අකිලයියා එක්ක දෙබිඩ්ඩෙක් වෙලා කොන්දෙන් හයිවෙලා ඉන්නවා මට මැවිලා පෙනුනා කියහන්කෝ මේ හයි ටෙන්ශන් එක අස්සෙත්......කැතයි යකෝව් මගේ උඩ බාගේ උගේ කොන්දට සෙට් වෙලා තියෙනකොට.....

කොහොමත් පට්ට සීරියස් වෙලාවක වුනත් ලොවෙත් නැති ආතල් හිතන එක මට පුරුද්දට ගිහින්....ඉතින් මීනී වලට මන්දෝ කරනකොට වුනත් ඔය ලබ්බේ ආතල් එක නම් නැති වෙන්නේ නෑ....

හිතීම චිත්ත රූප මවාගැනීම කියන අංශ වලින් බැලුවාම මම ඔස්කාර් සම්මානවලින් වගේම නොබෙල් තෑග්ගෙන් පවා පුද ලැබිය යුතු වීර කොලුවෙක්.....කෝ මේ සම්මාන දෙන මිනිස්සු...පිදිය හුප්තාට පුදන්න කියන්නේ නිකම්ද?...

හැබැයි මේ ඔක්කොම සම්මාන දිනාගන්න නම් මට ජීවිත් වෙලා ඉන්නම සිද්ද වෙනවා...සැමියා දීපු බොක්ක කැලතෙන හික් ගෑවෙන ලුක් එක අනුව මන් තව විනාඩි කීයක් රාධේ විදියට ජීවත් වෙයිද කියලා මටම සැකයි.....

ලෝකයෙන් යමි ආයේ ඉපදෙමි සතුටින් ඉන්න පතා 🎶

අවස්ථාවට ගැලපෙන සිංදුවකුත් හිත ඇතුලේ සද්දෙන් ප්ලේ වෙන්න ගත්තා...අද දවස කැලැන්ඩරෙන් මකන්න බෑත කාටහරි.....

අනේ දෙවියනේ මට වුන වියෝයා සැමියාගෙන් පා පහරක් නොලැබේවා...කවියකුත් මතක් වුනා ඒ අස්සේ....

රාධේ (Non-Fiction)Où les histoires vivent. Découvrez maintenant