හතරවෙනි ලෝක යුද්ධය මීට හොඳයි කියලා මට හිතුනා....ඩීන් කියන්නේ කොලු ඇඟක් ඇතුලේ ඉන්න යකෙක් කියලා මට ඔප්පු වුනේ අද....මගේ බොකු රත්වෙලා අත පය සීතල වෙලා ගියා යකුනේ....
පිස්සුද?..එහෙම වුනේ නෑ...ඩික්සන් ආවේ නෑ...ඒක හීනයක්...හහ්..හා...එහෙම කියලා මේ මොහොතේ කියන්න බැරි වුනේ බොක්ක කලතන ගැම්මෙන් ඩික්කා මගේ ඉස්සරහ හිටන් හිටපු නිසා...සැමියා සීන් එකට එන්ටර් වෙන්නේ ඉතින් සියොලඟම කම්පා කරලා.....
හීනවලට වඩා භයානක හිත සලිත කරන මට ටසිරිවෙන යථාර්ථය තමා මේ.....හීනෙදි ආපු කොළපාට ශ්‍රෙක් යෝධයා දාහෙකින් සම්පතයි ඩෝ....ඌව දැකලාවත් මට මෙච්චර බයක් හිතුනේ නෑ.....
තීක්ෂණයාට මාව අත ඇරුනේ ඩික්සන් උගේ ඔළුවටම අතේ තිබ්බ බැට් එකෙන් ටෝර් ගාලා පාරක් ගහපු නිසා...අරූගේ ඔළු කට්ට කුඩු වුනාදත් මන්දා....තීක්ෂණයා වේදනාවෙන් කෙඳිරිගාගෙන ඩග් ගාලා බිම වැටුනා සිමෙන්ති කොට්ටයක් වගේ....
ඩික්කා අරූ දිහා බලපු මාරාන්තික බැලිල්ලේ හැටියට මට නැති චූ බරක් ලෝඩ් වුනත් අරූගේ ඔළුවටම ගහයි කියලා නම් කීයටවත් බලාපොරොත්තු වුනේ නෑ හාන්දුරුවනේ!
ඩික්කා ජෙන්ට්ල්මන් කෙනෙක් වගේ පොරක්....ඌ ඊරිසියාවේ පැලුනත් කේන්තිකාරයෙක් වුනත් මෙහෙම යකෙක් කියලා මන් හීනෙකින්වත් හිතුවේ නෑ රන්දික!...
මටත් බයයිනේ...මගේ කකුල් දෙකත් පණ නෑ වගේ....ඩික්සන් මෙහෙම මල පනින එකෙක් නම් ඌ මටත් දවසක දීලා අරින්න බැරි නෑ යකා උච්ච වුන අවස්ථාවක...
මගේ සූටි රන්දිකයාත් සලිත වුනා ඌ මගේ ඔළුවට බැට් එකෙන් ගහනවා මැවිලා පෙනිලා..කසාද බැන්ද කාලෙක ඔය බැට් බෝල හංගලා තියන්න ඕන ඇඳ යට වලක් හාරලාවත්....
නැත්තම් මූ කේන්ති යන පාරට ඕකෙන් ඔළුවට ගහයි...කටට දායි...පූපට බස්සන්න වුනත් බැරි නෑ....ආව්ව්ව්!!! මතක් වුනත් පම්ස ඉරිලා යන තරම් රිදෙන හැටි දැනෙනවා කියහන්කෝ.....
එහෙම එපා ඕයි අයියේ...මොනා වුනත් කට හොඳ නැති වුනත් වචනයේ කෝනමාන අර්ථයෙන් මම උඹේ ලාමක මටසිළුටු කන්කලු....නෑ කන්සුදු ආදරණීය බිරිඳ....මොනා වුනත් ජාතික වීරයෙක්නේ යකෝව්....
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing