තඩියවයි මාවයි ටින්ට් කරපු ශටර් වීදුරු තියෙන සුපිරි ජීප් එක ඇතුලේ හිරවුනා...හිරවුනා නෙවේ අපිව හිර කලා පරසුද්දෙක් සහ ඌට උදව් කරපු දේශද්‍රෝහී යක්ඛ පුතුන් කීපෙදෙනෙක්...
අතට මාංචු විතරයි අඩු.....කවදාහරි ඩික්සන් මට මාංචු දායිද....ඌ මට මාංචු දැම්මොත් ෆිෆ්ටි ශේඩ්ස් ඔෆ් ග්‍රේ වගේ වෙයිත?..මාංචු කිව්වාම බඩසම මාංචුනේ මතක් වෙන්නේ පොලෝසියේ මාංචු වලට කලින්....මතක් වෙනකොටත් බඩ දඟලනවා ආසාවටම....
හයියූ රාධේ බොගෙ සිතුවිලි වල් වනචර වෙලානේ ක්‍රිකට් ක්‍රීඩක කඩවසම් සැමියෙක් නිසා....දවස් හතක් පිරිත් අහන්න ඕන ගෙදර ගිහින් හිත පිරිසිදු වෙන්න...අර අපල කොඩි වැලකුත් එල්ලුවා නම් හරි ඉක්මනටම....
එහෙම තමා මේ කාලේ වීර පුත්‍රයෝ කියලා කවුද බෝයි පද ටිකත් ඔළුවට ගෑටුවා....මන් උඹට බය නෑ ඩික්සන් අඩියක් පස්සට ගත්තට...මම පවුල් ප්‍රශ්න ඇති කරගන්න මනාප නැති නිසයි උඹ කියන දේ අහලා මෙතන මෙහෙම නැට්ට පුකේ ගහන් බලු වෙලා ඉන්නේ...
රධීෂ් යෙවිංස කියන්නේ සිංහයෙක් සැමියෝ...ගෙදරට ගෑණී වුනාට ලෝකෙට මන් රජෙක්...සිංහයෙක්...ඇතෙක්...ඇතා සෙට් නෑ කෙට්ටු බොඩිය නිසා....
"දඟගෙයි දඬුවම් සියුමැලි වැඩි නම්
අළුගෝසුවනේ එල්ලාපන්...
කටු ඉඹුලේ අප එල්ලාපන්..🎶..."මන් අත් දෙක උස්සලා කෑ ගහලා කියනකොට තඩියා කන් දෙක වහගත්තා මොකෙක්ද වගේ....ඌට මගේ මධුර හඬ බාධාවක්ද?...නිල් නයාට වඩා කොච්චර මිහිරිද මගේ හඬ....
"කට වහගන්කෝ කණ ගාව ඉඳන් ටකරං වලට ගල් ගහන් නැතුව....උඹව නම් එල්ලන්නම තමා වටින්නේ කටට පාංකඩයක් ඔබලා....උඹ තමා අද හොඳටම කලේ රාධේ....මටම පොල්ලකින් ගහගන්න ඕන...ගොළු ආච්චි වෙන්න ගියා...ගොළු වෙන්නම ඩීන්ට ගහන්න තිබ්බේ උඹේ ඔලු කට්ටට ටෝර් ගාලා...."
තඩියා පිස්සු බල්ලෙක් වගේ බුරනවා බුරනවා ඉවරයක් නෑ...මන් නම් රබර් ඇස් යවලා වාහනේ ෆුල් ඔප්ශන්ද කියලා බැලුවා...එලකිරි ජීප් රථයක්නේ...
ඩික්සන් කාරයා සඟ දාලා කිට මරලා ටියුෂන් ගිහින් නළුවා වගේ බහිනවා ඇති මේ වාහනෙන්..කෙල්ලොත් එනවා ඇති මූට වැඳගෙන...අපි නම් වඳී සැමියා තියා දෙයියා වුනත්....
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing