✨️06 කොටස✨️

13.6K 1.5K 879
                                    

මම එදා හවස හිටියේ ටිකක් අවුලෙන්...මොකට අවුල් වුනාද මටම මීටර් නෑ...

අවුල් නිරවුල් වෙන්නත් එක්කම මම ගෙදර තිබ්බ අයිස් ක්‍රීම් ටබ් එහෙකින් බාගයකටම මහ රෑ වැඩේ දුන්නේ අම්මා මට කණ පුරවලා බනිද්දී....සුදු පුතාගේ බෝල පුකටත් එයා කොස්සෙන් පාරක් දුන්නා...

"මට මොකෝ අමන්දියා පුක්සන් එක්ක බැරි නම් මොකා එක්ක යාළු වුනත්...මට රිදෙනවද?...රිදෙනවද?...නෑනේ...මූදේ මාළු ගොඩයිනේ....ඒකි සාලයෙක්...අරූ තල්මහෙක්..."

එහෙම කියාගත්තු මම නින්දට ගියේ ඩීන් අමන්දිගේ නලලට දීපු හාදුව රෑ හීනෙන් පවා පෙනෙද්දී....හික් ගෑවෙන හීන ඔව්වා..

ඊලඟ දවසේ උදේ නැගිට්ලා කන්නාඩියෙන් කොන්ඩේ පීරනකොට මගේ නලල දැක්කාමත් මට ඒක මතක් වුනේ...පුදුම කේන්තියක් ආවේ...මම පීරන්නේ නැතුව පනාවත් අහකට විසිල් කරලා කොන්ඩේ අවුල් කරගෙන එදා ඉස්කෝලේ ගියා...

තඩියා හොඳ එකා කියන්නේ ඌ අමන්දි නිසා මම දුකින්ද කියන ප්‍රශ්නය ඊලඟ දවසේ හාර හාර ඇහුවේ නෑ....

කියලා...මට කියන්න බෑ....ඌ ඇහුවා...පර තඩියා! පාප මිත්‍රයෝ...

ඒ හිකනලා උගේ ඉතුරු දත් ටික මට කියලා බඩට යවාගත්තේ නැති ටික විතරයි....මැරුම් කනවා නැත්තම්...

ඌ අමන්දි අමන්දි කියා කියා මගේ ඔලුව කද්දී කොට සක්විතියා ආරව් ආරව් ගගා වැලලුනා...උන් දෙන්නට ඒ නම් කියන එක මම තහනම් කලා ටික දවසකට...

සක්විති බුවාගේ ඔලුව මම ඩෙස් එහෙක ගහනවා එදා තව ටිකෙන්...ඌ දන්නවා මගේ නරකම නිලේකින් අල්ලලා මට මාරයා ආවේස කරන්න...

මට තියෙන බයටම උන් කටවල් පුකවල් වහන් මට පාඩුවේ ඉන්න දුන්නා...මැරයෙක් කියන ටැග් එකත් මෙන්න මේ වගේ වෙලාවට මට සෑහෙන්න වටිනවා...

එදා ඉඳන් සතියක් ගත වුනේ මම අපේ පන්තියට උගන්නන සර්ලා මැඩම්ලා ගැන වගේම ලබ්බේ ඉස්කෝලේ මට අදාලම නැති රස කතා ඉතිහාස කතා හුගාක් දැනගන්න ගමන්...කොට සක්විතියා නම් නොදැන හිටි මගුලක් නැහැ....ඌ රස කර කර කතා කිව්වා....

ඒකට බිමලයා...ඌට කෑම තියෙනවා වෙන කිසි පකක් ඕන නෑ...ඌ මගෙන් ඔලුවට තඩිබාගෙන ඇති මේ සතියට ඉහේ කෙස් ගානට...උගෙන් වචනයක් ගන්නවට වඩා ලේසියි කෑස්බෑවෙක්ගෙන්ද මොකාගෙන්ද පිහාට්ටක් ඉල්ලන එක...

රාධේ (Non-Fiction)Where stories live. Discover now