90 සහ 91 වෙනි කොටස් අතර වුන අනික් සිද්දි කතෲ මානෙන්....අර චැපි දෙක කියවලා එන්න...
"අඩෝ බන් මේ අපි බිත්තියට කණ තියලා අහන් ඉමුද බන් අරුන් දෙන්නාගේ ඇමිනිල්ල කොහොමද කියලා?...හිතුවට වඩා මේ බිත්ති ඝණකම්නේ යකෝ....ඇහෙන්නේ නැති වෙයිද?....අපේකා වැඩේ ගොඩ දාගන්න හැටි අහන්නත් ආසයි බන්...."
රාඩීන් නැව නිර්වාන් ගොඩවුන හේලිය නැවෙන් වෙන් කරන බිත්තියට කණක් තියාගෙන බිත්තියට අතින් තට්ටු කරන ගමන් නිර්වාන් කියනකොට ජාලියට නම් හරි හිනා.....
ජාලියගේ හිත ඇතුලේ නම් රාධේ මේ වෙලාවේ ඩීන් එක්ක ඉන්න පුළුවන් ඉරියව් හැට නමයක්ම මැවිලා තිබුනේ....ඉතින් හිනා නොයා තියේයැ....
රාධේ එක්කම ඉඳලා තඩි ජාලියත් වලත්ත විදියට හැදිලා...එයාටත් රාධේගේ ටහිකෙන චිත්තරූප මැවිල්ල පුරුදු වේගෙනයි එන්නේ....එයා ඔළුව හතර අතට ගැසුවා.....
"පිස්සුද බන්?..ඕකුන් දෙන්නා සට කපටියෝ...රාධේගේ කඩ වක්කඩ ලැට් කට වුනාට ඕකා කෙඳිරි ගාන්නේ ඩීන්ගේ කණට ඇහෙන සංඛ්යාතෙන් විතරයි බන්...අපේකාත් අරූගේ කටට ජොකෙක් හරි ඔබයි සද්දේ ඇහෙන්නේ නැති වෙන්න...ඩීනා ජෙලස් පප්පෙක් බන්....."
හේශාන් නිර්වාන්ට උත්තර දෙන්න ඉක්මන් වුනා...හැබැයි එයාට ඉක්මන් කොටයි කියලා තේරුනේ ඊට පස්සේ ජාලිය කියපු දේත් එක්ක...
"මේ ඔයා කොහොමද රාධේ කෙඳිරි ගාන හැටි ගැන දන්නේ අයියේ?..පරයාගේ බෙස්ටා වුන මන්වත් දන්නේ නෑනේ....."
ජාලිය කලබල වෙලා අත් දෙක ඉණට තියාගෙන බෑග් එකෙන් රෑට අඳින්න ෂෝටක් හොය හොය හිටපු හේෂාන් ලඟට ආවා....
"බුදාම්මෝ!!..උඹේ බෝල බේබි කෑල්ලගෙන් පොල් ටොකු කන්න වෙයි හේශ් මටත් දැන් නම්...දන්නවනේ මුගේ ටොන් හැත්තෑවේ අතින් උඹ කෑවට මට කන්න බෑ.....මාව පෙනී නොපෙනී යයි බන්....මැවිලා පේනකොටත් අවුල් ඕයී...පරිස්සමෙන් කතා කරපන්....මුන් හරි විසයි අපි ඒසයි යකෝ...අපි ඔක්කොටම සයිකෝ...."
නිර්වාන්ටත් රාධේ මලයාගේ කටේ ආභාෂේ ලෙසටම ඇවිත් හමාරයි....ඒකත් තවම මුල් අවදියේ පවතින බෝක්කු කටක්....
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing