✨️36 කොටස✨️

14.8K 1.2K 1.7K
                                    

"හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා...🎶.."

නිර්වානයා සිංදුවක් පටන් ගත්තා පඳුරක් අස්සේ ඉඳන් එන අපිව දැකලා......යකූ මූ තාම ටොයිලට් එක ගාවද...අපි කරපුවා මූට ඇහුනාවත්ද...මම ටක් ගාලා ෂර්ට් එක හරියට යට වෙලාද කියලා බැලුවා....අරූ ගලවපු බොත්තම් දෙකත් දාගත්තා දඩිබිඩිස් වගේ....නැත්තම් මගේ කිරි සුදු පපු රාජයා ලෝකයා ඉදිරියේ...නිර්වානයා අන්ධ වෙන්නත් පුළුවන් ඕක දැක්කා නම්....

නැත්තම් රෙදි ඉල්ලේ....උඹටත් මකන යකා ගහලා බන් ඩික්සන් අයියේ ගස් අස්සේ ඉඳලා.....මූ යන්නෙම ගස් අස්සට...ඉස්සර නම් ගස් අස්සේ කලේ චූ කෙලි...දැන් වෙන්නේ හර්මයිනී කෙලි....ආහ් ඒකී කෝමත් කෙලි පොඩ්ඩක්නේ...හික්ස්....

"නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන...
මල් කිනිත්තට රොන් පොදක් ගෙන...
පෙම් කරලා හැරයන්නේ කොහොමද...
නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන...
මල් කිනිත්තට රොන් පොදක් ගෙන...
පෙති තලලා දුර යන්නේ කොහොමද...
සත්සියයක් සෙනග පරිද්දෙන්...
එකලු උනා ඔබ අකුණ පරිද්දෙන්...
ඔබටම සිත ගිය සසර පුරුද්දෙන්...
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්...🎶..."

මූ අපිට කිණ්ඩි හිනාවක් දීලා ආයේ වෙන ලබු සිංදුවක් පටන් ගත්තා...මෙන්න නටනවාත් එක්ක මූ....

ගෙවලයා!!!....කිතුල් මල තොගේ පූපෙන් පුප්පනවා යකෝව් මම....

ඩික්සන් අරූගේ සිංදුවට තාලෙට විසිල් කර කර ආතල් එකේ ඉන්නවා.....උඹටත් සිංහල වචනයක් දොඩාගන්න බෑ...ඒ වෙනුවට සිංදුවල තේරුම් නම් ඔළුවට යනවා කොමඩ් එකට බෙට්ට වැටෙන තරම් ඉලක්කෙට....

උඹ ගෑණිව පැත්තකට විසි කරලා යාළුවගේ පැත්ත ගත්තද ඩෝ...පඳුරු අස්සේ කට කද්දී බෙලි ඉඹිද්දී උඹට ඒවා මතක නෑ.....උඹ වගේ සැමියෝ පොල් පිත්තෙන් කපාගන්න පුළුවන් බන්....

පොල් පිත්තෙන් ඉතින් කපන්න පුළුවන් පොල් කොල නේත...ඒකෙන් පොල්කොල හරකෙක් නම් හදතහැකි....ඩික්සන් වගේ හැන්ඩ්සම් හාදයෙක් පොල් පිත්තෙන් හදාගන්නේ කොහොමද??....ම්ම්ම්ම්....

රාධේ (Non-Fiction)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ