මම කෑ ගහලා කිව්වේ කාටද මොකටද කියලා නම් මටම මීටර් නෑ...ඒත් මම හබී කිව්වා...
හිමන් තතුවා කෙතල හිරුවා....තමන් හිතුවා හිතල කෙරුවා...
"උඹ අකලංක අයියටද එහෙම කිව්වේ?..."
"මට මරි මොංගල්ද ඕයී පකලංකයාට එහෙම කතා කරන්න?..ඌ මගේ කවුද?...."
මෝඩ සක්විති ඇස් උඩ දාන් එහෙම අහනකොට මට උගේ ඔළුවට ගහන්න හිතුනා....
පල්ලෙහා නිර්වානයා කට ඇරන් ඉද්දී අකිලයා උගේ කන්නාඩිය හද හද මන් දිහාම බලා හිටියා....අකලංකයා නම් පකිස් බූරුවෙක් වගේ හිනාවුනා...උගේ හිනාව නම් මට දිරවන්නෙම නෑ.....
ඒකටත් එක්ක ඩික්සන් ආරච්චිලාගේ පුක්සන්...කටකොනකින් හිනාවෙලා අත් දෙක කලිසම් සාක්කුවල දාන් මගේ දිහා බලා හිටියා...උගේ දුඹුරු ඇසුත් හිනාවුනා...යකෝව් කොල්ලෙක්ගේ ඇස් හිනාවෙනවා පෙනුන මට මාරාන්තික ලෙඩක් හැදීගෙන එනවා....
ඒකා නළුවෙක් කියලා හිතන් ඇත්තේ...පුහ්...පඩ ෂෝ...මන් හබී කිව්වේ ඌට කියලා දැන් ඒ ගෙම්බා උඩ යනවා ඇති....උඩ ගිහින් වැටෙද්දී මම අමුඩයක් එලලාවත් උඹව අල්ලන්නේ නෑ ඩීනෝ...
අමන්දියාත් අතකින් කට වහන් කැකිරි පලනවද කොහෙද...ඒකි කට වහන් මොකෝ...ඉස්සරහ දතක් හැලිලද දන්නේ නෑ බතලයාගේ වගේ....
ඒකිගේ යාළුවෝ දෙන්නෙක් මාව පෙන්න පෙන්න සිරික්කිය දාගෙන...මාව පෙන්නලා ඕකුන් මොනාහරි කුප්ප කතාවක් කියන්න ඇති....නැත්තම් මම පට්ට හැන්සම් කොල්ලෙක් කිව්වද දන්නෙත් නෑ...
අමන්දියා ලස්සන වුනත් මගේ මිනිහාව උදුරගත්ත හැලි වැඳිරි...අර මොකේද හේනකත් හිටියා වැඳිරියක්...දැලි පිහියෙන් කිරිකන්න ගියේ එයාද මන්දා...රට ටැපලිලා මාර කරුමේ....
නෑ වැරදුනානේ...ඩීනයා මගෙ වෙන්ඩ ගෑණීව උදුරගත්ත හැලි වඳුරානේ....
මුන් මෙහෙම හිනාවෙන්නේ මොන පකටද?....ඇයි යකෝ මම හිනාවෙන විහිලුවක්ද කලේ....මන් ඩික්සන් පුතාගේ අවදානය මා වෙත ගන්නනේ මේ සේරම කලේ....
"මල්ලේ.... උඹ අපේ ඩීන්ටද හබී කිව්වේ?...."
අතන අරකිලගේ ඉස්කෝලේ මිස්ලත් ඉන්නවා..ඒ ගැන වගේ වගක් නැතුව පකලංකයා ගිරිය කඩන් ඇහුවේ ඇඳුමක් ඇඳන් හිටියත් නෑ වගේ මට හිතෙන්න...
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing