සුදු මහත්තයා කියාපු කතාවට මාව කරකවලා අතෑරියා වුනා වගේ වුනා...ඌ මගේ කඳුලු පිහින්න හදනකොට මන් උගේ අතටත් ගහලා ලොකර් රූම්ස් වලින් එලියට ඇවිත් අත් දෙකෙන්ම කඳුලු පිහගත්තා....
මට ඇඬුනා ඕයී...කඳුලු පගයෝ වැටුනා....ඕකුන්ව මට නවත්තන්න බැරි වුනානේ....මෙහෙමයි ඉතින් ඌ ගමෙන් පිට යනවා කිව්වාම මට අවුල් ගියා හෙනට...මට කේන්තිත් ගියා...
ඌට ඕන දීපංකරේක යන්න අයිතියක් තියෙනවා...ඒත් එහෙමයි කියලා මාව දාලා යන එක හරිද මන් අහන්නේ....මට මොකෝ ඌ ඕස්ට්රේලියා බැරි නම් ඇන්ටාටිකාවට ගිහින් එස්කිමෝ කෙනෙක් වුනත්....හිම වලහෙක්ම කාපිය ඔය ඩික්කි පුතාව....
මට දුකයි...ඇයි යකෝව් යාළු වෙලා ලමයි බඩට දීලා දැන් කියනවා ඌ මාව දාලා යනවලු...එහෙම හරි යනවද ඕයි..සෙල්ලක්කාර සල්ලිකාර කොල්ලෙක්ට ලව් කරපු මට ගහන්න ඕන පොල් පිති හැට නමයක් එකට තියලා පොල් පිති හරකෙක් හදලා.....ගාමිණී මගේ ඔළුවටම ඩාන් ගාලා ගහපිය මිනිහෝ.....
මට මතකයි වැලිගමගේ යෝධපාදයා මන් ගාව හිටපු දවස්....අවුරුදු තුනකට විතර කලින් මන් ගාව හිටපු පූසාගේ නම...උගේ එක කකුලක් සුට්ටක් ලොකු නිසා මන් ඌට යෝධපාදයා කියලා නම දැම්මා...මෙව්වා තමා හැට නමවන සියවසේ සත්ව නම්....
වැලිගමගේ සර්නේම් එක ඌට ආවේ ඒකා කොයි වෙලේත් වැලි මීයෝ හොයන්න වගේ වැලි නාගෙන හිටපු නිසා...ඒ කාලේ අපේ ගෙදර කුස්සිය කඩලා හැදුවනේ අලුතින් අපේ නෙහාරට සල්ලි වැඩිවෙලා....ඉතින් ගෙනාපු වැලි කියුබ් අස්සේ ආතල් ගත්තේ යෝධපාදයා තමා....
තාත්තාට පේන්න බෑ පූසෝ...ඒ නිසා එයා ඌව හෝමාගම නැන්දාට දුන්නා දරුකමට හදාගන්න....මන් එදා ඇඬුවා මොනාලිසා වගේ....හැපූ...මන් වැන්දඹුවක් වගේ හිටියේ ඌව නැන්දාට දුන්නාට පස්සේ....
දුක වැඩි නිසාම මන් දවසට කෑවේ තුන් වේලයි.....දරාගන්න බැරි දුකක් මට ආවේ....ඊට පස්සේ මාසෙකින් විතර නෙහාර නැන්දා එක්ක තරහා වුනා....ඉතින් මට ඌව ඉඳලා හිටලවත් බලන්න යන්න වුනේ නෑ....
එදා යෝධපාදයාව මට සදහටම නැති වුනා...අද මට ඩික්කි පුතාව නැති වෙන්න යනවා...පපුවට අල්පෙනෙත්තක් ඇනගෙන මැරිලා දිව්යලෝකේ කුමාරයෙක් වෙලා ඉපදිලා පෘතුවියට අකුණු ගස්සන්නත් මට හිතෙනවා....ඒ තරම් ලොකුයි මගේ දුක සහ කේන්තිය....පුකට වඩා ලොකු දේවල් මේ රාධේ සතුයි දෙවියනේ....
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්රේමයක්! Start - October 16, 2023 End - Ongoing