මන් තඩියා දිහා බැලුවා....ඌ යකාගේ බතලයෙක් කියන්නේ ඌව වෙට් වෙලා නෑ....කොටින්ම අහසත් අඳුරු නෑ කියහන්කෝ....
මොනෞත්තක්ද මේ වෙන්නේ...මන් උඩත් බැලුවා අහසින් යෝධ කුරුල්ලෙක් මගේ කටට දාන්නවත් හැදුවද කියලා...මන් කිව්වේ චූ දාන එක ගැන...උනුත් අපේ කටට තමා දාන්න එන්නේ.....
මොන වැස්සක්ද යකෝව් මේක...බලනකොට මන් ග්‍රවුන්ඩ් එක මැද දාලා තිබ්බ වතුර හෝස් එකක් උඩ කකුල තියන්න ගිහින් ඒක මැදින් පැලිලා වතුර මලක් හැදිලා ඒ මලට මන් තෙමිලා.....
මාව දැන් විනිවිද පේනවා කියහන්කෝ....එච්චරයි අඩුවට තිබ්බේ....ඇන්දට වඩා හොඳයි ඇන්දෙ නැත්තම් කියන ජාතියේ බැනියමක් මන් යටට ඇඳන් හිටියේ..ඒකේ අත් කර ගැඹුරට කපලා...ඉතින් විනාසයි...
ඇස් කඩන් යන මගේ සෙම්සි නිරුවතෙන් තුන් කාලක්ම එලියේ!
"අනේ උඹ කරගන්න වැඩ!....උඩ බලන් දුවනවා පිස්සාට හැතැප්ම නැති ගානට....බලපන් යුනිෆෝම් එක හොඳටම පෙඟිලා ඇඟටම ඇලිලා...මිනිහාට ෆ්‍රී ෂෝ දීපන් ගොනා.....දීපිය ඔය බෑග් එක වතුර ගසන්න!!...උඹ එක්ක මන් ගෙවන්නේ එසේ මෙසේ කරුමයක් නෙමේ බන්...."
තඩියා මට බැන බැන බෑග් එක අරගන්නකොට මම හෝස් එක ගාවින් අයින් වුනා...සිකියුරිටි අන්කලුත් දුවන් ආවා අලකලංචිය බලන්න....
ඒ අස්සේ මාව ඇදිලා ගිහින් වැදුනා කොල්ලෙක්ගේ ඇඟේ...සැමියාගේ ඇඟේ.....ඌනේ පකේ පක් කියලා කෑ ගැහුවේ...මගේ විනිවිදභාවය දැකපු ඌට කෑගැස්සෙන එක අහන්න දෙයක්ද?....
මන් ඌ දිහා බෙල්ල හරවලා බලනකොට ඌ ඇස් රතු කරන් බැලුවා.....හැබැයි ඒ ඇස් හොඳටම තෙමිලා ඉන්න මගේ මූණෙන් පහලට ගියේ නෑ....
මගේ කොන්ඩෙන් බේරෙන වතුර බිංදු මූණ දිගේ ගලන් පල්ලම් බැස්සා...මසියලත් දුවන් ආවා....හේසාන් නිකිල තමා දුවන් ආවේ....
දෙව්පකා මුල්ලක් අරන් කිරි දොවලා යෝගට් හදනවද කවුද දන්නේ...දේව්දාස් අකලංකයාට උගේ ගෙදර එන්නත් කිව්වනේ හවස.....කිරි දොවන්න වෙන්ටෑ මයෙ හිතේ...ශික්කේ...මාත් උඩරට මැණිකේ වගේ වෙලානේ......
"අප්පට නෑනෝ....උඹ පරණ හින්දි ෆිලුමක නිලියක් වැස්සට තෙමුනා වගේ...සෙම්සී ඈ..."
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing