✨️32 කොටස✨️

10.5K 1.1K 1.4K
                                    

නයිටිය ඇඳපු ඩික්සන් අයියා එක්ක තොලකුත් දාලා ඇති වෙනකම් ඉඹලා උගේ ඇපල් ටිකකුත් කාලා මම තඩි බඩා එක්ක ගෙදර එනකොට හවස තුනත් පහුවෙලා තිබ්බා...එහෙම තමා ලෙඩ්ඩු බලලා උන්ගේ ලෙඩ හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ගියාම...සෑහෙන වෙලා යනවනේ...

ඌ මගේ බඩේ පොඩි පගයන්ගේ සීන් එක ලොකුවට හිතට අරන්නේ...සනීප වෙලා ඉස්කෝලේ ආවාට පස්සේ ඌ ඩැඩා චරිතේ රඟපාන්න ගිහින් මට පඩිපෙලක්වත් නඟින්න දෙන්නේ නැති වෙයිද මන්දා...වයිෆී බලාගෙන අනේ බී කෙයාර්ෆුල් බේබි කියාගෙන ඌ මගේ කාඩ් කුඩු කරයිද...

ඕකනේ අපේ අම්මා ලොකු අම්මාගේ දුව කොල්ලා එක්ක අතින් අල්ලන් එහෙ මෙහෙ යනවටවත් කැමති වුනේ නැත්තේ...බඳින්න කලින්ම ඒකිටත් බබෙක් නැත්තම්...කොල්ලෙක් නිසා මම පරිස්සම් වුනේ නෑ අම්මේ....හෆෝයි!

අම්මේ මාව සුද්දෙක් අපිරිසිදු කලානේ...ඌ මඩ ටිකක් ඉහුවා මට..උගේ බෝලයක් අල්ලන්න ගිහිල්ලනේ මට මේ සියළු දුක් දෝමනස්ස ඇති වුනේ...පිරිත් පැන් උගුරක් බීලා කැලණිය වරක් වැඳලා කරපු පව් සමා කරගන්න ඕන...කැලණියේ යන්න දවසක් දාගන්නත් එපැයි....

අම්මා දන්නවා නම් මම තව දුරටත් එයාගේ නොඉඳුල් සුදු පුතා නොවෙන වග...වහ කාලක් එයා බීලා තව කාලක් මට දීලා ඉතුරු බාගේ තාත්තාට වැඩ ඇරිලා ගෙදර ඇවිත් බොන්න කියලා තියයි...මගේ අම්මා මට හපන් බඩ්ඩක්...

ඩික්සන් අයියා කඩ්ඩෙන් කොට කොට හිටියට පට්ට මීටරේ...ඔළුවට පත බෑවෙන රාක්ක ඇරුනාම අනික් හැමදේම පොරට මීටර්...ඌ විදුලි මීටරයක් වුනා නම් කොච්චර හොඳද.. ගෙදරකට කොච්චර ප්‍රයෝජනවත්ද මේ කරන්ට් ගණන් කාලේ.....

තඩියා කට්ට වෙට්ට තක්කඩි කට්ටඩියා කියන්නේ ඌ හේසාන් එක්ක එලියේ කොරපුවා මට කිව්වේ නෑ මඟ යද්දිවත්...මම උගෙන් හාර හාර ඇහුවෙත් නෑ....මගේ ඒවත් කියන්න වෙයි...

ඌ ඇහුවෙත් නෑ කියහන්කෝ...මම පැනලා කියන්න ගියෙත් නෑ....මම හිතුවා හේසානයා ඌ ඇස්වලින් දැකපු ඩික්සන් කාරයා මගේ ෂර්ට් එක අස්සේ බඩ ඉඹ ඉඹ කරපු විලිසංගේ නැති වික්‍රමාන්විතය බඩ තඩියගේ කනේ තියන්න ඇති කියලා....

රාධේ (Non-Fiction)Où les histoires vivent. Découvrez maintenant