✨️18 කොටස✨️

9.7K 1.2K 1.2K
                                    

"හෙලෝ මම දේව්...ආතිශ්‍ය දෙව්ෂාන්..."

අප්පට ආසිරි වෙන්ඩෝනා උගේ කටහඬ...ඩීන් තරම් ගැඹුරු නැති වුනත් ඒකේ කෙනෙක්ව ගස්සලා හොල්ලලා ගන්න පුළුවන් මෙව්වා එකක් තියේ...මන් නම් හෙල්ලුනේ නෑ...කොටා නම් හෙල්ලුනාද කොහෙද...

මන් මොන ලබ්බටද මුගේ ගංකබර වොයිස් එක ඩීනා එක්ක සැසඳුවේ...මට නම් පිස්සුව ඉතා දැඩියි....අංගොඩ යන්න ඕන අම්මා එක්ක....ඒ එක්කන් යද්දිත් අම්මා කොස්සෙන් පුක හරහා ගහ ගහ යන බව මට බුදු ශුවර්...

ඒකා ගැම්මෙන් ඌව අඳුන්නලා දෙද්දී මගේ කට නලියව්වා අහන්න තොගේ නම දේව් තියා සවුරව් ගංගුලි වුනත් අපිට පකද කියලත්....නළුවෙක් කියලා හිතාගෙන වෙන්න ඇති....සල්ලාල බැල්මක් මූට තියෙන්නේ....

"දේව් මේ ඉන්නේ ජාලිය...එතකොට මේ ඉන්නේ එයාගේ යාළුවෝ රාධේයි සක්විතියි...මම නම් පටලගත්තේ නෑ නේද මල්ලීලා?...."

රුක්ෂාන් පොර අපිව හඳුන්නලා දුන්නේ ඌ කිරිබොන කාලේ ඉඳන් අපිව දන්න ගානට...උගේ මෙමරිය හොඳයි තඩියා එක පාරයි නම් කිව්වේ ඌට මතකයි...මට නම් නමකට කුණුහබ්බයක් නොගෑව්වොත් මතක හිටින්නෙම නෑ.....ඒකත් එක්තරා කරුමයක්....

මතකය දියුණු කරගැනීමේ ටෙක්නීක්ස් වලට වැඩමුළුවක් පවත්වන්න ඕන ඕලෙවල් කරලා ගෙදර ඉන්න කාලෙදි...කොල්ලා දක්ස යක්සයා මෙහෙම හිටියට.....එහෙම හරි ගානක් හම්බකරගත්තොත් තමා රාධේ කොල්ලා...

මට පුක්සන්ගේ නම හරියට මතක තියාගන්නම කොච්චර කල් ගියාද...දැනුත් ඒ හොට දිග පිළිහුඩුවාගේ මැද නම මට මතක නෑ....පක්විති ආරව් ආරව් ගගා වැලලෙන හින්දයි මුල් නම හරි මතක...නැත්තම් ඒකත් නෑ....ඩික්සන් හරි පාව්....ඩික්සන් මතක නැත්තම් ඌ පුක්සන්...ඒ දෙකම නැත්තම් හබ්...නෑ එක්කෝ ඕන නෑ.....

"මට මේ මහත මල්ලිව නම් දැකලා පුරුදුයි...මෙයාව නම් දැක්කෙ අද..."

ඌට තිබ්බේ ආකර්ෂණීය හීනි ඇස්...ඌ සෙල්ලක්කාර ටයිප් එහෙකින් තමා මාව පෙන්නලා අඳුනන්නේ නෑ කිව්වේ....මගේ සන්ග්ලාස් නිසා පන්තියේ එකෙක් දැක්කත් මාව අඳුනන්නේ නැති සීන් එකක් තියෙන්නේ....

මම නළුවෙක්ද ලෝකෙම ඉන්න එවුන් මාව දැනගන්න...රුක්ෂානයා කියපු විදියට මූ මාසයක්ම ඉස්කෝලෙන්ම පිටුවහල් වෙලාලුනේ ඉඳලා තියෙන්නේ....නසරානියෙක් වගේ....වාඩියවත්තට හපන් පොරවල් මෙහෙ ඉන්නවනේ...

රාධේ (Non-Fiction)Donde viven las historias. Descúbrelo ahora